Monday, April 5, 2010

000Webhost වලින් සාදා ගත් වෙබ් ඉඩකට Wordpress ස්ථාපනය කරමු.

ලෝකයේ හොදම බ්ලොග් කරන මෘදුකාංගයනේ Wordpress කියන්නේ. ඒ ගෙන ඉතින් අයේ කතා දෙකක් නෑ. නමුත් ආධුනික අයට මේකෙන් බ්ලොග් ලියන්න ටිකක් අමාරුයි. Blogger වගේ සේවා වලට සාපේක්ෂව Wordpress ටිකක් සංකිර්ණයි. අනිත් කාරණය තමයි Web hosting වලට හා Domain name මුදල් ගෙවීමට සිදු වීම. මේකට විසදුමක් වශයෙන් තමයි Blogger වගේම Wordpress free සේවාවක් තියෙන්නේ. නමුත් මේකේ තියෙන ප්‍රධාන අඩුපාඩු තමයි. සයිඩ් බාර් එකට Java scricpt දා ගන්න බැරි කම. ඒ වගේ ගොඩක් කාරණා තියෙනවා. මේ ගෙන දැන ගන්න අවශ්ය්‍ය අය ප්‍රවීන් ඉන්ද්‍රනාම සොයුරා ලියලා තිබනු Blogger ද? Wordpress ද? ලිපිය බලන්න.

මම අද කියන්න හදන්නේ නොමිලේ වෙබ් ඉඩක් දෙන ජන්‍රප්‍රිය සේවාවක් වන 000webhost වලට Wordpress ස්ථාපනය කරන අකාරය ගෙන. හැබැයි මේ සේවාවේ පොඩි පොඩි ලෙඩ තියෙනවා කියලා ගොඩක් අය කිව්වා‍. (මට නම් තාම ලෙඩක් අවේ නෑ). ඒක නිසා Wordpress වලට පුරුදු වෙන්න පාවිච්චි කරන්න හොදයි. පුරුදු උනාට පස්සේ තමන්ගෙම වෙබ් ඉඩක කරන්න පුළුවන්නේ.

1. මුලින්ම http://wordpress.org/download/ එක‍ට ගිහිල්ලා Wordpress Download කරගන්න. මලින්ත සමරකෝන් මහතා සිංහලට පරිවර්ථනය කරපු Wordpress අවශ්‍ය නම් http://si.wordpress.org/ ගිහිල්ලා ඒක ගන්න.සමානයෙන් මේක .zip file එකක් වශයෙන් තමා එන්නේ.

2. දැන් 000webhost වල MySQL සදහා Database එකක් හදන්න අවශ්‍යයි.

ඒ සදහා ඔබේ User name හා Pasword පාවිච්චි කරලා 000webhost වලට ලොග් වෙන්න. දැන් එකේ Control panel(000webhost වල) එකට යන්න. දැන් එන ලිස්ට් එකේ Software / Services යටතේ තියෙන MySQL කියන එක click කරන්න.


දැන් එන application එකේ තියෙන MySQL database name: , MySQL user name:, Password for MySQL user: කියන ඒවාට අදාළ තොරතුරු දලා Create Database Botton එක ක්ලික් කරන්න.

දැන් එන පිටුවේ තමන්ගේ MySQL Database එකේ තොරතුරු පෙන්වයි.


3. ඊට පස්සේ Download කරගත්ත. .zip ෆයිල් එක Extract කරගන්න. එකේ තියෙන wp-config-sample.php කියන ෆයිල් එක wp-config.php කියලා Rename කරන්න. දැන් ඒ ෆයිල් එක කැමති Text Editor එකකින් Open කරගන්න(Note pad වගේ එකකින්) දැන් එකේ තියෙන තොරතුරු ටික පහල වගේ වෙනස් කරගන්න.


define('DB_NAME', 'enter full database name');


/** MySQL database username */define('මෙතනට Database එකේ User name එක දාන්න );


/** MySQL database password */define('DB_PASSWORD', 'මෙතනට Database එකේ Password එක දාන්න ');


/** MySQL hostname */define('DB_HOST', 'මෙතනට database host name එක දාන්න');


දැන් ඒ ෆයිල් එක Save කරගන්න.



4. ඊට පස්සේ ඒ සියළුම ෆයිල් ටික 000webhost වල තමන්ගේ වෙබ් ස්පෙස් එකට Upload කරගත යුතුයි. පහල තියෙන්නේ filezilla වලින් එම කාර්ය සිදු කරගන්නා අකාරය.


මුලින්ම filezilla Install කරලා Open කරගන්න. දැන් එකේ Host , User Name, Password කියන තැන්වලට 000webhost වල තමන්ගේ FTP තොරතුරු ටික දාලා Quick connect කියන එක click කරන්න . (ගැටළුවක් තියෙනවා නම් කියන්න)


5. දැන් ටික වෙලාවකින් filezilla මගින් සර්වර් එකට සම්බන්ධ වෙයි. දැන් පහල වගේ දකුණු පැත්තේ තියෙන ෆයිල් බ්‍රවුසරයකින් සර්වර් එකේ තියෙන ෆයිල් ටික දිස් වෙයි. එ‍තන තියෙන public_html කියන Folder එක ඩබල් ක්ලික් කරන්න. එවිට public_html එකේ ඇති ෆයිල් පෙන්වයි.‍දැන් තමන්ගේ පරිගණකයේ ඇති ෆයිල් පෙන්වන වම් පැත්තෙන් තියෙන ෆයිල්  බ්‍රවුසරයෙන් Extract කරගත්ත ෆයිල් එකක් උඩ Right click කර Upload කියන එක ක්ලික් කරන්න. අනෙක් file සහ Folder සියල්ලම ඉහත අකාරයට Upload කරගන්න. මේ සදහා ටික වෙලාවක් යයි. එය අන්තර්ජාල සම්බන්ධතාවය මත රදා පවති.

6. සියල්ල අවසන් වූ පසු ඔබ කැමති වෙබ් බ්‍රවුසරයකින් http://www.yourdomain/wp-admin/install.php කියන ඇඩ්ස් එකට යන්න. එවිට පහත පරිදි වෙබ් පිටුවක් පැමිණේ එහි Blog title එක හා E-mail එක ඇතුළත් කර install Wordpress යන්න ක්ලික් කරන්න. දැන් Wordpress ස්ථාපනය වේ. එය අවසන් වූ විට ඔබට ඔබේ User name හා Password දිස් වේ.




දැන් Wordpress ස්ථාපනය වේ. එය අවසන් වූ විට ඔබට ඔබේ User name හා Password දිස් වේ.දැන් Login යන්න ක්ලික් කිරීමෙන් Dashborad එක වෙත පිවිසය හැකිය.දැන් Wordpress ස්ථාපනය සම්පූර්ණයයි.

දැන් Wordpress භාවිතයෙන් Blog ලිවීම අරාම්භ කල හැකිය . එහෙනම් ඊලග ලිපියෙන් හමු වෙමු. ඔබට ජය!



14 comments:

  1. ස්තූතියි කියාදුන්නට...

    ReplyDelete
  2. mage weda karane nee http://www.yourdomain/wp-admin/install.php link eka

    ReplyDelete
  3. MAMATH www.000webhost.com WALIN WEBSITE EKAK HADUWA......EWUNATA WEB EKA ATHULATA GIHIN THIYANA PAGES BALALA AIMATH home tab EKA CLICK KARAMA http://err.000webhost.com/ WEB PITUWATA YANAWA.... DANNAWANAM MEKA HADAA GANNA HATI KIYALA DENNA............

    ReplyDelete
  4. හොඳ පැහැදිලි කිරීමක්

    ReplyDelete
  5. නියම ලිපියක්නේ කරල බලන්න ඕනෙ.

    ReplyDelete
  6. දමිත් : Lahiru
    ස්තුතියි ප්‍රතිචාරයට :D

    @ Anonymous
    මං හිතන්නේ ඔයාගේ ෆයිල් අප්ලෝඩ් කරනකොට වැරැද්දක් වෙලා වගේ :(නැත්තම් වැඩ කරන්න ඕනේ."D නැත්තම් ඩොමේන් නේම් එකේ වැරැද්දක් වගේ. ඩොමෙන් නෙම් එක චෙක් කරලා බලන්න.:D

    @ Anonymous
    මං හිතන්නේ ඔයාගේ තියෙන්නේ ලිනක් එකේ වැරැද්දක් :(ආපහු ලිනක් එක දාලා බලන්න. ඔයා හැදුව සයිඩ් එකේ ලින්ක් එක දෙන්න බලන්න.

    @ රොකියා | Udara
    ස්තුතියි ප්‍රතිචාරයට:D

    @ J.P ලසිදු නදීශාන් තාරුක
    කරලා බලන්න. ස්තුතියි ප්‍රතිචාරයට:D

    ReplyDelete
  7. but i like blogger than wordpress. that is so simple.

    ReplyDelete
  8. මමත් හිතන්නෙ බ්ලොගර් තමා ආධුනිකයෙකුට ගැළපෙන්නෙ කියල. නමුත් මට සමහර වෙලාවට හිතෙනව, වර්ඩ්ප්‍රෙස් ලේසී කියලත්.
    ප්ලගින්ස්, තීම්ස් දාන්න ගියාම නම් වර්ඩ්ප්‍රෙස් මාරම ලේසී.
    000webhost එක හොඳයි, කිහිපදෙනෙක් කියල තියෙනව මමත් දැක්ක ඒක අවුල් කියල. මටත් එච්චර අවුලක් වෙලා නෑ. නමුත් මම හදපු එක ඩොමේන් එකක මම වෙබ් ඇප් එකක් දාල තිබ්බ, ඒකට අප්ලෝඩ් කරල තිබ්බ ppt, doc, pdf ටිකක් නම් අතුරුදහන් වෙලා තිබ්බ. html, php ටික ඉතුරු වෙලා.

    ReplyDelete
  9. @ බිඟුවා...!
    ඒක ඇත්ත නමුත් වර්ඩ්පෙස්වල ගොඩක් වැඩකෑලි තියෙනවා. මාත් කැමතිම blogger වලට තමා.ස්තුතියි ප්‍රතිචාරයට

    @ Madhawa Habarakada
    "ප්ලගින්ස්, තීම්ස් දාන්න ගියාම නම් වර්ඩ්ප්‍රෙස් මාරම ලේසී"
    ඔව් ඒක ඇත්ත.
    ‍නොමිලේ දෙන අනෙක් වෙබ් හොස්ටින් සේවා එක්ක බලනකොට නම් 000webhost ගොඩක් හොදයි.ස්තුතයි ප්‍රතිචාරයට

    ReplyDelete
  10. මෙන්න මේ බ්ලොග් එකෙත් වර්ඩ්ප්‍රෙස් ගැන හොඳ ලිපි කිහිපයක් තියනව. http://blog.ykani.info

    ReplyDelete
  11. ඔක්කොම හොඳයි තෝරගෙන තියෙන Host එක තමයි සවුත්තු.. :/
    000 කාරයො, හිතුන හිතුන වෙලාවට Hosting Down කරනවා. ප්‍රශ්න අහන්න ගියොත් Account එක Suspend... -___-

    ReplyDelete
  12. @ගයන්ත
    එහෙමද ? :(. මාත් අහලා තියෙනවා. නොමිලේ දෙන සේවා ඔ‍හොම තමයි :D. ස්තුතියි ප්‍රතිචාරයට :-h

    ReplyDelete
  13. thnxx නියමෙටවැඩ

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.