Thursday, April 22, 2010

පහසුවෙන් වීඩීයෝ සංස්කරණය කිරීමට Ulead VideoStudio මෘදුකාංගය

අද වන විට රූපවාහීනී දැන්වීම් සහ ටෙලිනාට්‍ය සදහා බහුලව පරිගණක මෘදුකාංග භාවිතා කරනු ලබයි. මේවා සදහා බහුලව Adobe Premiere, Adobe After effect වගේ මෘදුකාංග භාවිතා කරනු ලබනවා. නමුත් මේවායින් විඩීයෝ සංස්කරණය හා විඩීයෝ එකකට විවිධ විශේෂාංග එක් කිරීම සදහා සමානයෙන් ටිකක් ඉහල දැනුමක් අවශ්‍ය වේ. එනම් මෙවැනි මෘදුකාංග පරිහණය කිරීම සමාන්‍ය පරිගණක පරිශ්‍රීලකයෙකුට තරමක් අපහසු වේ. සමානයෙන් ‍කුඩා වීඩීයෝ එකක් සංස්කරණය සදහා වින්ඩෝස් වලම තියෙන Windows Movie Maker භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙහි මෙහි ගොඩක් සීමා තියෙනවා.


සමාන්‍ය පරිගණක පරිශ්‍රීලකයෙකුට කුඩා දැනුමකින් වුවත් වීඩීයෝ එකක් සංස්කරණය කිරීමට භාවිතා කල හැකි මෘදුකාංගයක් තමයි. Ulead VideoStudio කියන්නේ. ගොඩක් අය මේ මෘදුකාංගය ගෙන දන්නවා ඇති.මෙහි User interface එක ඉතාම සරලයි.


ඒ වාගේම වීඩීයෝ එකකට විශාල වෙනස් කම් කරන්න පුළුවන්. මං හිත්න්නෙ මේ වන විට මෙම මෘදුකාංගය corel සමාගම විසින් මිලදී ගෙන තිබෙනවා (වැරදි නම් නිවැරදි කරන්න)

මෙහි ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න පුළුවන්.

අපි බලමු මෙම මෘදුකාංගය පිළිබද මූලික කරුණු ටිකක්. (Ulead VideoStudio 11.5 සංස්කරණය)


1.Media එකක් time line එකට Import කිරීම

මේ සදහා file --> Insert media file to time line භාවිතා කරන්න පුළුවන්.

2.Media එකක් Library එකට Import කිරීම

මේ සදහා file --> Insert media file to Library භාවිතා කරන්න පුළුවන්

3.Video Capure කිරීම.

මොබයිල් පෝන්, කැම්කෝඩර්, ඩිජිටල් කැමරා වැනි උපකරණ වලින් වීඩීයෝ ලබා ගැනීම සදහා මෙහි ඇති Capture ටැබ් එක භාවිතා කළ හැකිය.

4.Video එක සංස්කරණය කිරීම.

Video එකකින් කොටසක් කපා ඉවත් කිරීම වැනි කාර්ය Edit ටැබ් එක මගින් සිදු කල හැකිය

5.Video එකක් සදහා effect එක් කිරීම.

මෙහි effect ටැබ් එක මගින් Video එකක් සදහා විවිධ effect එක් කරන්න පුළුවන්. මෙහි විවිධ effect අඩංගු වෙනවා.

6.Video එකක් සදහා Text එක් කිරීම.

මෙහි Title ටැබ් එක මගින් Video එකක් සදහා අකුරු එක් කිරීම Text සදහා මෙය භාවිතා කරන්න පුළුවන්.

7.Audio සංස්කරණය කිරීම.

මෙහි Audio ටැබ් එක මගින් Audio සංස්කරණයට භාවිතා කල හැකිය. ඒ වාගේම මේ කොටසින්ම කඩහඩ පටිගත කිරීම සදහාද යොදා ගත හැකිය.

8.සාදාගත් Video එකකින් Output එකක් ලබා ගැනීම.

වීඩීයෝ එකකට විවිධ සංස්කරණ යොදා අවසානයේ Avi,Wmv,mpg වැනි ‍file එකකට හෝ CD එකකට ගැනීමට Share ටැබ් එක භාවිතා කල හැකිය. මේ වීඩීයෝ අන්තර්ජාලයට එක් කිරීමටද Share ටැබ් එක භාවිතා කල හැකිය.

ඔබත් මෙම මෘදුකාංගය භාවිතා කර බලන්න. පොඩි පොඩි වීඩීයෝ වැඩ වලට මෙය ඉතා පහසුවෙන් භාවිතා කල හැකිය.

4 comments:

  1. මේක video editing වලට හොද software එකක්..මමත් use කරලා තියනවා :)

    ReplyDelete
  2. මාත් පාවිච්චි කරල තියෙනව. ඇත්තටම ගොඩක් ලේසියෙන් පාවිච්චි කරනන්න පුළුවන්.

    ReplyDelete
  3. චාටර් software1ක්

    ReplyDelete
  4. @ panhida
    ඔව් හොද සොෆ්ටවෙයා එකක් :)
    @ Anonymous
    ඔව්. ස්තුතියි ප්‍රතිචාරයට :)
    @ Anonymous
    ඇයි එහෙම කියන්නේ :(

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.