මුලින්ම කට්ටියටම ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා! එහෙම කිව්වම කට්ටිය බලයි මූට දැන්ද අවුරුදු ලැබිලා තියෙන්නේ කියලා. අළුත් අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක හින්දා තමා එහෙම කිව්වේ. අද මම කියන්න හදන්නේ ශ්‍රී ලංකාවේ නිර්මාණයකට ලැබුණු ජාත්‍යන්තර ඇගයීමක් ගෙන.
කවුරුත් ඉතින් මැෂිමක් ගත්ත දවසේ ඉදලා කරන දෙයක්නේ ගේම් ගහන එක . සමහර අයට නම් ඉතින් ඕක රෝගයක් වගේ. මටත් ඕක ඉස්සර තිබ්බා ඒත් දෙයියන්ගේ පිහිටෙන් දැන් එච්චරම නෑ.ගොඩක් වෙලාවට ඔය අපි ගහන ගේම් ගොඩක් හදන්නේ ඇමරිකව, වගේ ගොඩක් දියුණු රටවල . අපේ රටේ මේවා හදන්න එච්චරම පෙලබෙන්නේ නැත්තේ ආර්ථික ගැටළු හින්දා තමා. නැත්තම් වැඩකාරයෝ ඕන තරම් ඉන්නවා.
ඉතින් ලංකාවේ ගේම් සංස්කෘතියට නව මානයක් එක් කරපු කෙනෙක් තමා ධනුෂ්ක සංජය පෙරේරා කියන්නේ ලංකාවේ පළවෙනි ගේම් එක වන ජේමිස් බණ්ඩා නිර්මාණය කරන්න දායක වුන කෙනෙක්. එතරම්ම දියුණු මට්ටමේ මේ ගේම් එක නොතිබුණත් ජේමිස් බණ්ඩා හොද ආරම්භයක් වුණා. ඉන්පසුව තොප්පිගල මෙහෙයුම ගෙන කියවෙන තොප්පිගල නමින් ගේම් එකක් නිර්මාණය කලා. ඉන්පසුව ජේමිස් බණ්ඩා ක්‍රීඩාවේ දුර්වලතා මඟ හැරලා එහි දෙවෙනි අදියරත් නිකුත් උනා. අනික් ගේම් එක්ක තොප්පිගල හා ජේමිස් බණ්ඩා පළවෙනි අදියරත් එක්ක සලකද්දි මෙහි ගැෆික් උසස් තත්වයක තිබුණා.

සිංහල චිත්‍රපටයක් ඇසුරින් තැනුණු ප්‍රථම පරිගණක ක්‍රීඩාව “අබා” නමින් නිර්මාණය කිරීමට 2010 වසරේදී ධනුෂ්ක සංජය පෙරේරා ප්‍රමුඛ ගේම් කොර් අයාතනයට හැකිවුණා. සිංහල ඉතිහාසය ඇසුරින් නිර්මාණය වූ ප්‍රථම ක්‍රීඩාව හා ප්‍රථම ත්‍රිමාණ ක්‍රීඩාව වන්නේද මෙයයි. ජැක්සන් ඇන්තනී මහාතාගේ “අබා” චිත්රටපයට මෙමයට පදනම් වුණා. මෙහි විශෙෂත්වය වන්නේ අවශ්‍ය නම් ස්ටීරියෝස්කොපික් වීඩීයෝ නැරඹීමට ගන්නා කණ්නාඩියක් භාවීතයෙන් මෙහි ඇති වීඩීයෝ නැරඹීමට හැකිය.
මේ පරිඝණක ක්රීහඩාව ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ ප්‍රථම පරිගණක නිර්මාණය ලෙස ඉතිහාසට එක්වනවා. ඒ ඉන්දියාවේදී පැවැත්වුණු “The Manthan Award” තරගාවලියෙනි. එහිදි රටවල් 8 කින් අයදුම් කරුවන් 450 ක් ඉදිරිපත් විය. 2010 දකුණු ආසියාවේ හොදම පරිගණක් ක්‍රීඩාව ලෙස “අබා” තේරී පත් වුණා.
මෙහි wallpapers “ Video trailer ආදිය www.gameslk.com මගින් ලබා ගැනීමට පුළුවන්.මේ පෝස්ට් එක ලියන්න විස්තර දුන්න ධනුෂ්ක සංජය පෙරේරාට ගොඩක් ස්තුතියි. දේශීය නිර්මාණයකට ලැබුණු මේ ජාත්‍යන්තර සම්මානයට සිංහල බ්ලොග් කරුවෙකු වශයෙන් මගේ සුභ පැතුම්.