Showing posts with label HSDPA. Show all posts
Showing posts with label HSDPA. Show all posts

Monday, May 24, 2010

DialUp එකෙන් HSDPA වලට


ටික දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරි උනා. අද තමා මම මුලින්ම HSDPA connection එකක් ගත්තේ. bising මෙච්චර කල් මම විවිද ක්‍රම වලින් නෙට් ආවා. මුලින්ම slt citylink CDMA phone එකට data cable එකක් connect කරලා නෙට් ආවා. (2006 දී විතර ) උපරිම වේගය නම් 115 kbps තමා. තත්පරයකට 10 kb තමා වගේ උපරිම ඩවුන්ලෝඩ් වෙනවා දැකලා තියෙන්නේ.bisingගොඩක් වෙලාවට තත්පරයකට 2-5 kb තමා අතරේ තමා වේගය. ‍page load වෙන්න ගොඩක් වෙලා යනවා.bising ඊට පස්සේ මගේ Nokia 2600c2 phone එක Bluetooth හරහා connect කරලා තමා නෙට් ගියේ. වේගය 115 kbps මයි. නමුත් slt citylink CDMA එකට වඩා ටිකක් විතර ස්පිඩ්. ඊට පස්සේ සිංහල බ්ලොග් ලියන්න පටන් ගත්තාම ‍class එකේ තියෙන ADSL එකේ පිහිටෙන් තමා බ්ලොග් ලිව්වේ.

ඊට පස්සේ මම හිතුවා නෙට් කනෙක්ෂන් එකක් ගන්න නමුත් අපේ පැත්තට ADSL නෑ. තිබුනත් ගන්න නම් slt citylink CDMA එක Line phone එකකට මාරු කරන්න ඕනෙ. ඒක හින්දා මම හිතුවා HSDPA වලට යන්න. මුලින්ම HSDPA Dongle එකක් ගන්න ඕනෙනේ. ISP ලගෙන් ගත්තොත් ඒවායේ Lock දලානේ. ඉතින් මම හිතුවා වෙනම HSDPA Dongle එකක් ගන්න.

මුලින්ම ධනික සොයුරගේ e-bay ගෙන ගිය ලිපිටික බලලා HSDPA Dongle එකත් e-bay වලින් ගන්න බැලුවත් තාම e-bay වලට අළුත් හින්දා මෙහෙන්ම ගන්න බැලුවා. ඒ ගෙන උපදෙස් ගන්න මම ටෙක් කතා ගූගල් සමූහයට තෙඩ් එකක් දැම්මා. ඒකෙන් හොද තොරතුරු ටිකක් ලැබුනා. ඒකට පිළිතුරු දුන් සැමට සහ ටෙක් කතා ගූගල් සමූහය ස්තුතියි.

ඊට පස්සේ අද Unity plaza ගිහින් බැලුවා. ගොඩක් කඩවල මම හොයපු වර්ගය තිබුනේ නෑ. bisingඅන්තිමට Tulip computer කියන කඩේ මම හොයපු එක තිබුනා. bisingHuwai E1553 එක රු 6700/- ට පස්සේ ඒක අරන් ඇවිත් සිම් එකට mobitel daily delight දාලා කනෙක්ට් කරලා බැලුවා.


මුලින්ම කලේ www.speedtest.net එකෙන් Speed Test කරපු එක. සමානයෙන් හොද වේගයක් තිබුනා bisingපහල තියෙන්නේ ඒක.




මුලින් Dialup පාවිච්චි කරපු මට නිකන් කරත්තයකින් කාර් එකකට නැග්ගා වගේ garupaleපස්සේ කොහොම වෙයිද දන්නේ නෑ. garupaleදැනට mobitel daily delight වල ඉදලා සෑහීමකට පත් වුනොත් පස්සේ ඊලඟ මාසේ මොකක් හරි Data plan එකක් ගන්න ඕනේ. එහෙනම් අද ඉදලා කස්සාත් HSDPA වලට ආවා. ලියාගෙන ලියාගෙන අවා බයිලයක් වගේද මන්දා. එහෙනම් ගිහින්hah එන්නම් ඔබට ජය !