Sunday, December 19, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ දෙවන හමුව සහ බ්ලොග් ලීවීම නැවත ඇරඹීම

හුඟ කාලේකින් තමා බ්ලොග් එක ලියන්න ගත්තේ.හේතුව නම් කම්මැලිකම තමා.අනිත් එකවෙලාවක් නැති කම.මේ වෙන විට මම බ්ලොග් කෙරුවාවට ඇවිල්ලත් අවුරුද්දකට කිට්ටුයි.විශේෂයෙන් පෝස්ට් එකක් දාන්න හිතුණේ අද ඉතා‍ සාර්ථකව පැවැත්වුණු සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව හින්දමයි. 

දෙසැම්බර් 19 එනකම් මම නම් හිටියේ ඇඟිලි ගැන ගැන බ්ලොග් අවකාශය හොල්ලන මූණු ටික බලාගන්න. ඉතින් උදේ පාන්දරම ඇහැරිලා ලෑස්තිවෙලා ස්ටේෂමට ආවා. කොටුවට ටිකට් එකක් අරගෙන කොච්චියට නැග්ගා කියමුකො. මඟදි කෝච්චියට මගේ  යාළුවා ගීතීකයත් සෙට් වුනා.මිනිහා බ්ලොග් නොලිව්වට මිනිහගේ විනෝදංශය බ්ලොගේ කියවලා කමෙන්ට් කරන එක.ඉතින්මිනිහත් එක්ක පච කෙල කෙල ‍වටපිටාවේ ඉන්න එක එක ඒවා දිහා බල බල කොච්චියේ ආවා.

මඟදි කෝල් එකක් ආවා ගීත්ගෙන් මිනිහා කොටුවේ ස්ෂෙන් එක ගාව ඉන්නවා එහෙදි සෙට් වෙමු කියලා. ඊට පස්සේ යොහාන් කණිෂ්කත්  කෝල් කරලා කිව්වා මිනිහත් කොටුවට ඇවිල්ලා එනවා කියලා. කොහොම හරි කෝච්ය මරදානටත් ආවා මෙන්න යකඩ කටින් කෑගහලා කියනවා "9 වන වේදීකාවේ ඇති දුම්රිය මරදානට පමණයි. කොළඹ කොටුවට යන මඟීන් 7 වෙනි වේදිකාවේ ඇති දුම්රියට නගින්නZ කියලා.අපි ඉන්නේ මොන වේදිකාවේ තියෙන කෝච්චියේද කියලා මම හිතන කොටම ගීතීකයා මාවත් ඇදගෙන අනිත් කෝච්චියට නැග්ගා. ඊට පස්සේ එතන විනාඩි 15 විතර තියාගෙන ඉදලා කෝච්චිය කොටුවට ආවා.


එතකොට ගීත්ගෙන් කෝල් එකක් ආවා අපි බස් එකට නැග්ගා කියලා . ඊට පස්සේ හනිකට ගීතිකයත් එක්ක මොරටුව-කොටුව බස් එකක නැගලා නවලෝක ඉස්පිරිතාලේ ලඟින් බැහැගත්තා.ඊට පස්සේ ටිකක් ඉස්සරහට යනකොට තමා දැක්කේ නවම් මාවත ඒක දිගේ ටික දුරක් යනකොට DPHL බිල්ඩින් එක හම්බවුනා. ඒක ඉස්සරහම ‍සෙට් එකක් ඉන්නවා දැක්කා මම දුරදීම දැනගත්තා මුං ටික නම් බ්ලොග් කරුවෝ ටිකක් තාමා කියලා. මෙන්න ටිකක් දුර යනකොට එකෙක් කතාකලා මට.

මේ ඉදලා තියෙන්නේ හිඟන්නයි කුෂාන් වන්නිආරච්චි ඇතුළු සැට් එකනේ.කතා කරලා තියෙන්නේ අශාන් නොහතේ හිඟන්නනේ.ඉතින් ඒගොල්ලොත් එක්කම බිල්ඩිම ඇතුළට ගිහිල්ලා ඉස්සරහා තිබුණු තැන නම මාර්ක් කලා එතතන හිටියා හෙණ සැට් එකක්. කණිෂ්ක ඩබල, මාධව,මුචා ඇතුළු බර සැට් එකක් ඊට පස්සේ කෂ්ටියත් එක්කම ලිෆ්ට් එක ඇතුළට මීයෝ ටික වගේ රිංගලා 3 වෙනි තට්ටුවට අවා.ඊට පස්සේ ශ්‍රවණාගාරයට ඇතුල්වෙන කොටම එකවගේ ඩබලක් ඇවිල්ලා කතා කොලා. බලනකොට මේ ඇවිල්ලා තියෙන්නේ හසියියි. පබුදුවයිනේ. උන් දෙන්නා පොඩි හදිස්සික් වෙලා එළියට දුවනවා(මං හිතන්නේ බඩේ වර්ජනයක්ද කොහේද . හිකිස්)

ඉතින් ඇතුළට ගිහිල්ලා හත්අටපොලකින් වාඩි උනා මුලින්ම කට්ටිය අදුරගත්තා අදුරගන්නකොට එක එක අයගේ ආරූඩ නමත් එක්ක ඇත්ත නම කියනකොට නම් ශ්‍රවණාගාරය හිනා සාගරයක් වුනා.කොහොම හරි කෂ්ටිය අදුරගත්තට පස්සේ කාලිංග අය්යා පොඩි හැදින්වීමක් කලා.  ඊට පස්සේ බන්දුල මහතාත් පොඩි හැදින්වීමක් කරලා . මයිකෝසොෆිට් සමාගම වෙනුවෙන් වෙලින්ටන් අය්යා මයිකෝසොෆිට් සමාගමේ සිංහල යුනිකෝඩ් සංවර්ධනය පිළිබද හැදින්වීමක් කලා. ඔය අතරේ මලින්තත් අනුෂ්කත් එහාට ඇඹරි මොහට ඇඹරි කැරකි කැරකි පොටෝ ගත්තා.:D

ඊට පස්සේ කට්ටිය සමූහ ඡයාරූපයකට පේනී ඉදලා දවල් අහාරය ගන්න කැන්ටිමට ගියා.කාලිංග අය්යලා ලෑස්ති කරලා තිබ්බා දවල් කෑම කාලා කට්ටිය එකිනෙකා එක්ක පොටෝ ගන්න ගමන් .කතාබාහා පටන් ගත්තා.ඒ අතරේ මාධව අය්යා මාවත්  ඇදලා අරගෙන ලඟපාත හිටිය කට්ටිය එක්ක පොටෝ එකක් ගත්තා ඔය පහල තියෙන්නේ ඒක. (ඕක ඉස්සුවේ කාගේද මංදා FB එකකින්)


ඉතින් අන්තිමේදී කට්ටියම ගෙවල් බලා එන්න පිටත් වුණා.මම නම් හවස 2-3 වෙනකොට ගෙදර ආවා.කට්ටිය‍ දැක්කම මට නම් හිතුණා කෙහොම හරි දිගටම සතියකයට සැරයක්වත් බ්ලොග් එක ලියන්න ඕනේ කියලා.ඉතින් මේ හමුව සංවිධානය කරපු සිංහල බ්ලොග් එකේ ඇඩ්මින්ලටත් ස්ථානය ලබාදුන්නු වෙලින්ටන් අය්යටත් බොහෝම ස්තුතයි.ඒ වගේම කට්ටියම අදුරගන්න ලැබීම ලොකු සතුටක්.

ඔක්කොම කරලා ගෙදර ඇවිල්ලා මැෂිම ලඟ ඉදගත්තමයි මට මතක් වුණේ හෙට මගේ උපන් දිනය නේද කියලා.අප්පට සිරි තව අවුරුද්කින් මම වයසට ගියානේ.එහෙනම් මම ගියා. බායි

Wednesday, September 8, 2010

කිචිද ජයසේන ? පොඩි කතාවක්

හම් හැමදාම ටෙක්නිකල් කතා ලියලා අද නම් පොඩි කතාවක් කියන්න තමයි ලෑස්තිය. garupaleමේ සිදුවීම අමූලික ඇත්ත. කතාව මට කියුවෙ මගේ අතීසාර මිත්‍රයෙක්. (දන්න අය දන්නවා garupale) එහෙනම් කතාව මිත්‍රයාගේ වචන වලින්ම කියන්නම්කෝ...
නම් ගම් ස්ථාන සියල්ලම මන: කල්පිතයි කියල කවුරුත් හිතාගන්න. garupale ජයසේන, ජයසේන කියුවාම කාටත් මතක් වෙන්නෙ මහසෝනාව නෙ ඒත් මේ ජයසේන මහසෝනගෙන් කාලක් විතර ඇති, පොඩි මනුස්සයා ,වැඩටත් දස්සයා ඒ වගෙම ‍අහිංසකව ජීවත් වෙන කෙනෙක්.පොඩි අවුලකට කියල තිබුනෙ කිචිය තමයි ඉතින්. පොඩි කියුවට පොඩිම නැහැ පොඩ්ඩක් හරි ඇගිල්ලෙන් ඇන්නොත් තැන නොතැන මතක නැ දෙමාපියන්ට පවා පින් අනුමෝදන් කරනවා...soal

ඔන්න ඉතින් මගේ යාළුවගෙ නෑදෑ ගෙදරක පිරිතක් සංවිධානය කරලා තිබුනා. පිරිත් මණ්ඩපේ එහෙම ලස්සනට හදලා ඔන්න වැඩේ පටන්ගන්න සූදානම. ඒ අතර ගෙදර කට්ටියට ඕනි උනා වටේටම සද්දෙ ඇහෙන්න පිරිත දාන්න. ඉතින් උදවුවට ඇවිත් හිටිය කට්ටිය ඔන්න යකඩ කටක් එහෙම ගහක ගැට ගහලා අපේ කතා නායකයට පැවරුවා මයික් ටෙස්ට් කරන්න..

ඔන්න ටෙස්ටින් වන්... වන්... සද්දෙ ටිකක් මදි වගේ (සද්දෙ වැඩි කලා). ආයිත් ටෙස්ටින් ටූ.. ටෙස්ටින් ටූ උගෙ අම්මට..... *+^%^%%^6 *පුතා.....(බීප් බීප්) කියල හොද ලස්සන වචන වැලක් වටේටම ඇහුනා. එලියෙ හිටපු හැමෝම ඇතුලට දුවගෙන ආවා ඒ මොන පිරිතද කියලා බලන්න. ගේ ඇතුලෙ හිටපු කට්ටිය නම් වැඩේ දැක්කා. මැන්ස් ගෙ කිචි පොට් එකකට පොඩි අතකින් පොඩි ටච් එකක් එනවා කවුරුත් දැකල තිබුනා.. වැඩේ කරපු එකා (මගේ අතීසාර මිත්ර යා ) හුලං පුරවලා අතෑරිය බැලුමක් වගේ කුස්සිය පැත්තට විද්දා ඇයි මොන මැර ප්‍රහාරයක් එල්ලවෙයිද දන්නෙ නෑනෙ. හැබැයි හැමෝම බඩ අල්ලගෙන හිටපු නිසා කාටවත් මැර ප්‍රහාරයකට යන්න හැකියාවක් තිබුනෙ නැහැ.soal

ඔන්න ඉතින් ටික වෙලාවකින් කට්ටිම එකතු වෙලා අපේ ජයසේනට ලෙසන් එකක් දෙනවා කවුරුහරි ඇගිල්ලෙන් ඇන්නොත් මීට පස්සෙ බුදු සරණයි කියල කියන්න කියලා. මෑන්ස් ඉතා ඉහලින් ඒක පිලිගත්ත විතරක් නෙවෙයි ඒ වෙලාවෙම වැඩේ ප්‍රැක්ටිස් කරන්නත් ගත්තා . (හැබැයි තාමත් ඇගිල්ලෙන් ඇන්නොත් අහගන්න වෙන්නෙ බුදු වදන් නම් නෙමෙයි ඇගිල්ලෙන් ඇනපු කෙනාගේ මව් පාර්ශවයට බීප් බීප් .... බුදු සරණයි කියලා. garupale

Friday, July 30, 2010

www.sindhulanka.info | රසවින්දනයට නව මානයක්

ආයුබෝවන්. කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක ලියන්න Blogger පැත්තේ අවේ. ඒකට හේතුව නම් Fcaebook එකේ ඉන්න යාළුවෝ නම් දන්නවා ඇති.bising මට කාලයක ඉදලා සිහිනයක් තිබුනා Web site එකක් පවත්වාගෙනන යන්න.garupale ඒ සිහිනය සිංහල බ්ලොග් ලියන්නත් කලින් ඉදලා තිබුන එකක්. නමුත් ඒ සඳහා තාක්ෂණික දැනුම ප්‍රමාණවත් නොවීම ඒ වගේම අද්දැකීම් නැති වීම නිසා ඒක සිහිනයක්ම පමණක් වුනා.garupale පස්සේ dreamweaver ඉගෙන ගත්තට පස්සේ තාක්ෂිණීක .ගැටළු ගොඩක් දුරට විසදුනා. ඊට පස්සේ තිබ්බ ගැටළුව තමා පටන් ගන්න site එක මොනවගේ එකක්ද කියන එක. අන්තිමේදී Music promote site එකක් කරන්න අදහසක් ආවා. නමුත් අද්දැකීම් ප්‍රමාණවත් නැති කම ප්‍රශ්නයක් වුනා.

මේ site එක පටන් ගන්න ekenma.com එකේ ඇඩ්මින් KaniRockz එයාගේ අද්දැකීම් බෙදා ගැනීම මඟින් ගොඩක් උදව් කලා. ඊට පස්සේ පාසල් යන කාලේ යාළුවෙක්ගේ credit card එකක් මාර්ගයෙන් domain Hosting ප්‍රශ්නයත් විසදුනා. ඊට පස්සේ පටන් ගත්තා ලොකුම වැඩේට ඒ කියන්නේ site එක Design කරන්න. මේ වැඩේදී සයිබර් යාය ලියන බුද්ධි අයියා Photoshop වලින් ලොකු සහයෝගයක් දුන්නා. ඒ වාගේම එක එක අදහස් දීලා මාගේ යාළුවෙක් වන ගීතික ත් ලොකු සහයෝගයක් දුන්නා. site එකේ නමත් එයාගේ අදහසක්. soal ඒ වගේම එක එක ISP ලාගේ site එක පේනවද කියලා බලන්න ‍ගොඩක් අය සහය දුන්නා.අද මට හරිම සතුටු දිනයක් අද තමා රෑ වෙනකන් ඇහැරිලා garupaleහිටපු මගේ ඇස් දෙකට සාධාරණයක් ඉටු කරන්න site එක අප්ලොඩ් කරන්න පුළුවන් වුනා. අද දවල් 12.ට site එක ආරම්භ කලා. garupale


දැනට සිංදු ටිකයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. තව ටික දවසකින් තව සිංදු අප්ලොඩ් කරන්න බලාපෙරාත්තු වෙනවා. garupale

ඔයගොල්ලෝ ලඟ තියෙන සිංදුත් ඒකට ලබාදෙන්න. එහෙනම් www.sindhulanka.info එකට ගිහිල්ලා ඔයගොල්ලෝ සහයෝගයක් දෙන්න. ඉදිරියේදී මේකට ‍ගොඩක් විශේෂාංග එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.මේ site එක ආරම්භ කරන්න සහයෝගය දුන්නු හැමෝටම ස්තුතියි. නම් සඳහන් කරන්න බැරි උනා නම් සමාවෙන්න. ඒ වගේම අමතක කරන්න එපා face book fan page එකට එකතු වෙන්න .garupale එහෙනම් ගිහිල්ල එන්නම්. සුභ දවසක්.hahhah

Friday, June 11, 2010

Blog එකේ comments වලට Reply කරන්න Button එකක් දා ගමු.

තමන්ගේ බ්ලොග් එකේ comments දාන අයට නැවත comments දාන්න (reply) අවශ්‍ය කරන කොට සමානයෙන් කරන්නේ “@” ලකූණ දාළා comments එක දාන්න අවශ්‍ය පුද්ගලයාගේ නම දාලා පිළිතුර දාන එක. නමුත් wordpress පාවිච්චි කරලා බ්ලොග් ලියන අයගේ බ්ලොග් වල නම් reply කියලා ලිනක් එකක් තියෙනවා. මේ ලිනක් එක භාවිතා කරලා නැවත comments දාන්න (reply) දාන්න පුළුවන්. ගොඩක් wordpress පාවිච්චි කරලා සිංහල බ්ලොග් ලියන අය මේ reply කියන එකට සිංහල තේරුම් තියෙන වචනයක් දානවා. මම අද කියන්න හදන්නේ Blogger පාවිච්චි කරලා බ්ලොග් ලියන අයට මේ (reply) කරන්න Button එකක් දා ගන්න විදිහ. පහල පින්තූරය බැලුවොත් ‍සිද්ධිය පැහැදලි වෙයි.














මුලින්ම Blogger වලට log වෙලා Layout වල Edit HTML වලට යන්න. මුලින්ම මොකක් හරි අවුලක් වු‍නොත් කියලා Download Full Template කියන එක ක්ලික් කරලා දැන් තියෙන Template එක download කරගන්න.

දැන් Expand Widget Templates කියන එක ඉස්සරයින් හරි ලකුණ දා ගන්න .









crtl+f ගහලා find කරලා පහල code එක තියෙන තැන හොයා ගන්න.

<data:commentPostedByMsg/>

ඊට පස්සේ පහල තියෙන code එක copy කරලා අර හොයා ගත්තු code එකට යටින් දා ගන්න. මෙතනදි YOUR-BLOG-ID කියලා තියෙන තැනට තමන්ගේ බ්ලොග් එකේ ID එක හොයාගෙන දාන්න.

<span class='comment-reply'><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID=YOUR-BLOG-ID&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=400,height=450&quot;); return false;'>[Reply to comment]</a></span>

Blog ID එක හොයාගන්නේ මෙහෙමයි. සමානයෙන් Blogger වලට log වෙලා Dashboard එකෙන් අවශ්ය Blog එක තෝරලා අළුත් පෝසට් එකක් ලියන්න ගියහම web browser එකේ address bar එකේ තියෙන address බලන්න එකේ අගටම තියෙන අංක ටික තමා Blog ID එක.


අන්තිමට Save Template ක්ලික් කරලා Save කරගන්න. දැන් බ්ලොග් එකේ පෝස්ට් එකක comments ලග තියෙන . [Reply to comment] ඒක ක්ලික් කරලා comments වලට reply දාන්න පුළුවන්. මේ Reply to comment] කියන එක වෙනුවට “පිළිතුරු දෙන්න “ වගේ සිංහල වචනයක් දාන්න ඕන නම් අර code එකේ [Reply to comment] කියන එක වෙනුවට සිංහල වචනේ දාන්න .මොකක් හරි අවුලක් වුනොත් අර download කරපු Template එක දාගෙන ආයිත් මුල ඉදලා කරලා බලන්න. එහෙනම් ඔයගොල්ලොත් දාලා බලන්න.

Monday, May 24, 2010

DialUp එකෙන් HSDPA වලට


ටික දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරි උනා. අද තමා මම මුලින්ම HSDPA connection එකක් ගත්තේ. bising මෙච්චර කල් මම විවිද ක්‍රම වලින් නෙට් ආවා. මුලින්ම slt citylink CDMA phone එකට data cable එකක් connect කරලා නෙට් ආවා. (2006 දී විතර ) උපරිම වේගය නම් 115 kbps තමා. තත්පරයකට 10 kb තමා වගේ උපරිම ඩවුන්ලෝඩ් වෙනවා දැකලා තියෙන්නේ.bisingගොඩක් වෙලාවට තත්පරයකට 2-5 kb තමා අතරේ තමා වේගය. ‍page load වෙන්න ගොඩක් වෙලා යනවා.bising ඊට පස්සේ මගේ Nokia 2600c2 phone එක Bluetooth හරහා connect කරලා තමා නෙට් ගියේ. වේගය 115 kbps මයි. නමුත් slt citylink CDMA එකට වඩා ටිකක් විතර ස්පිඩ්. ඊට පස්සේ සිංහල බ්ලොග් ලියන්න පටන් ගත්තාම ‍class එකේ තියෙන ADSL එකේ පිහිටෙන් තමා බ්ලොග් ලිව්වේ.

ඊට පස්සේ මම හිතුවා නෙට් කනෙක්ෂන් එකක් ගන්න නමුත් අපේ පැත්තට ADSL නෑ. තිබුනත් ගන්න නම් slt citylink CDMA එක Line phone එකකට මාරු කරන්න ඕනෙ. ඒක හින්දා මම හිතුවා HSDPA වලට යන්න. මුලින්ම HSDPA Dongle එකක් ගන්න ඕනෙනේ. ISP ලගෙන් ගත්තොත් ඒවායේ Lock දලානේ. ඉතින් මම හිතුවා වෙනම HSDPA Dongle එකක් ගන්න.

මුලින්ම ධනික සොයුරගේ e-bay ගෙන ගිය ලිපිටික බලලා HSDPA Dongle එකත් e-bay වලින් ගන්න බැලුවත් තාම e-bay වලට අළුත් හින්දා මෙහෙන්ම ගන්න බැලුවා. ඒ ගෙන උපදෙස් ගන්න මම ටෙක් කතා ගූගල් සමූහයට තෙඩ් එකක් දැම්මා. ඒකෙන් හොද තොරතුරු ටිකක් ලැබුනා. ඒකට පිළිතුරු දුන් සැමට සහ ටෙක් කතා ගූගල් සමූහය ස්තුතියි.

ඊට පස්සේ අද Unity plaza ගිහින් බැලුවා. ගොඩක් කඩවල මම හොයපු වර්ගය තිබුනේ නෑ. bisingඅන්තිමට Tulip computer කියන කඩේ මම හොයපු එක තිබුනා. bisingHuwai E1553 එක රු 6700/- ට පස්සේ ඒක අරන් ඇවිත් සිම් එකට mobitel daily delight දාලා කනෙක්ට් කරලා බැලුවා.


මුලින්ම කලේ www.speedtest.net එකෙන් Speed Test කරපු එක. සමානයෙන් හොද වේගයක් තිබුනා bisingපහල තියෙන්නේ ඒක.




මුලින් Dialup පාවිච්චි කරපු මට නිකන් කරත්තයකින් කාර් එකකට නැග්ගා වගේ garupaleපස්සේ කොහොම වෙයිද දන්නේ නෑ. garupaleදැනට mobitel daily delight වල ඉදලා සෑහීමකට පත් වුනොත් පස්සේ ඊලඟ මාසේ මොකක් හරි Data plan එකක් ගන්න ඕනේ. එහෙනම් අද ඉදලා කස්සාත් HSDPA වලට ආවා. ලියාගෙන ලියාගෙන අවා බයිලයක් වගේද මන්දා. එහෙනම් ගිහින්hah එන්නම් ඔබට ජය !

Thursday, May 6, 2010

අළුතින් ආපු Nokia Tin 99i ජංගම දුරකථනය

මේ වෙනකොට ජංගම දුරකථනයක් නැති කෙනෙක් හොයා ගන්න බැරිතරමිනේ. garupaleනොකියා, සෝනී එරික්ෂන් වගේ ප්‍රසිද්ධ බෑන්ඩ් එකක් නැත්තම් චයීනීස් පොන් එකක් හරි තියෙනවා.අද මම ඊ-මේල් චෙක් කරනකොට තමයි මට යාළුවෙක් එවපු මේ ඊ-මේල් එක දැක්කේ. එකේ තියෙන්නේ Nokia සමාගම අළුතින් නිකුත් කරන ලද Nokia tin 99i කියලා ජංගම දුරකතනයක් ගෙන. ඔය පහලින් තියෙන්නේ ඒ ඊ-මේල් එකේ තිබුන පින්තූරය.
මෙක දැක්කම පාසල් කාලයේ විද්‍යාව පාඩම මතක් වෙනවා නේද? garupaleමේකේ නම් ‍HSDPA තියෙනවා කියලා තමයි මේල් එකේ තියෙන්නේ.සිංහල යුනිකෝඩ් වැඩද දන්නෑ.garupale සිම්කාඩ් ලස්. වයර් ලස්. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද?garupalegarupale

Tuesday, May 4, 2010

Blogger template එක අවුල් වී Template Designer වලින් බේරීම

මම ගිය පෝස්ට් එකේදීත් කිව්වනේ තාම මට හිතට අල්ලලා ගිය Blogger template එකක් හම්බවුනේ නෑ කියලා. bisingඑක එක සයිඩ් වලින් තීම් හොයලා එපා වෙලා ඉදලා garupalePHOTOSHOP වලින් වෙනස් කරලා තීම් එකක් දාගෙන බැලුවා. නමුත් ඒක ලෝඩ් වෙන්න පරක්කු වුනා. hahඉට පස්සේ ආයිත් තීම් එකක් හොයලා දා ගත්තා bising එත් ඒක දාලා බලපුවහම මගේ Flowers ලා ටික පේන් නැතිව ගියා bisingමල කෙලියයි.ඊට පස්සේ ඉතින් ගොඩක් වැඩ දාලා බැලුවත් ඒක හදා ගන්න බැරි උනා. bising ඉතින් මට තාක්ෂණය අරියාදු කරපු හින්දා මගේ ප්‍රශ්නය ටෙක් කතා ගූගල් සමූහයට දැම්මා bising . එතකොට ගොඩක් අය කිව්වේ වෙනිත් IE වලින් ගියහම ‍ Flowers ලා ටික පේනවා කියලා. ඊට පස්සේ දුමේ දාලා තිබ්බ garupale IE වලින් ගිහිල්ලා බැලුවා. මෙන්න එතකොට වැඩ. bising


ඊට පස්සේ සමහර අය කිව්ව විදිහට මම ටෙම්ලේට් එක මාරු කලා .bising නුමත් Blogger වල තියෙන තීම් ටික නම් කිසිම රහක් නැති නිසා.garupaleලගදි Blogger එකේ ලගදි පටන් ගත්ත Blogger Template Designer
සයිඩ් එකට ගිහින් බැලුවා ඒක නම් නියමයි. soal



ඉතින් ටිකක් වෙලා එහාට මෙහාට කරලා template එකක් හදා ගත්තා. ඊට පස්සේ ඉතින් දා ගෙන බැලුවා කවදාකවත් නැතුව මට ඒ තීම් එක නම් හිතට ඇල්ලුවා. garupale ඔගොල්ලොත් බලලා කියන්න hah මේ තීම් එක හොදද කියලා. ඒ වගේම Blogger Template Designer නම් නියමයි garupale තමන්ට අවශය විදිහට Template එක එළමට හදාගන්න පුළුවන්. විදිහට ඕගොල්ලොත් කරලා බලන්න. ලොඩ් වෙන්න පරක්කු නම් කියන්න. hahඒ වගේම ඔගොල්ලෝ Blogger template එකක් තොරගන්න විදිහත් කියන්නhah අමතක කරන්න එපා. bisingඑහෙනම් ඊලග පෝසට් එකෙන් හමු වෙමු.hah