Thursday, November 15, 2018

Travel to Diyaluma Fall, Sri Lanka | Page #01

Tuesday, April 12, 2011

අවුරුද්දයි පිටකොටුවයි.!! පිටකොටුවයි අවුරුද්දයි

අවුරුද්දත් ලඟ ලඟම එනවා.මේ දවස් වල පාරවල් මිනිස්සුනගෙන් පිරිලා. ඇදුම් ගන්න. මාත් හිතුවා පොඩ්ඩක් අවුරුද්දට කොටුවේ පැත්තේ ගිහින් එන්න.අපායට යනකොවත් තනියෙන් යන්න හොද නැති හින්දා ගීතිකයවත් ඇදලා ගත්තා ගමනට. ඌ තව යාළුවෙකුත් එක්ක ආවා. කොච්චියේ යන්න හිටියත් බැලුවම දවල් කොච්චිය නෑලු. ඒවා වෙන පළාතකට දාලා අවුරුද්දට. තුන්දෙනාම සෙට් වුණා බස් එකේ යන්න.හංවැල්ලට ඇවිල්ලා 3/1 බස් එකක නැග්ගා ඉක්මනට යන්න හිතලා. අපරාදේ කියලා බෑ විනාඩි විස්සෙන් කඩුවෙල පැයක් ඇතුළත කොටුවට ආවා.

බස් එකෙන් බැස්සා විතරයි



මාර සෙනගක් එහාට සුවනවා මෙහොට දුවනවා. සීයට හතරයි. සීයට පහයි. මම බැලුවා software CD වත් අඩුවට දෙනවද කියලා. නෑ නෑ මේ මේ දැන් කොටුවේ ගහකින් කඩාත්ත නැවුම් ඇපල් වගයක්.(හිකිස්). එතනින් එනකොට ‍මෙන්න බොලේ නෝලිමිට් ‍ඕඩෙල් එකේ තියෙනවා වගේ ඩෙනිම් කලිසම් තොගයක් බිම දාගෙන අන්කල් කෙනෙක් කෑ ගහනවා."කඩේ තුන්දාහයි අපේ දාහයි" මං හිතන්නේ ටැග් අයින් කරපුවද කොහේද. :D . තව ටිකක් ඉස්සරහට යනකොට ෆෝන් කඩ.මාත් අනික් උන් දෙන්නත් එක්ක රිංගුවා ඒකට. නොකියා එකේ ශඛාවක් පිටකොටුවේ දාලාද මන්දා. මෙච්චර අඩුවට ෆෝන් තියෙන්නේ. රු.5000/- - 6000/- ට Blackberry phone වගේ ඒවා.අපිට මොන Blackberryද කියලා මාරු උනා එතනින්. යන මිනිස්සුන්ට මාර හදිස්සියක් තියෙන්නේ සමහර අය අපිවත් අරගෙන යන්න වගේ පාරේ යන්නේ. හැමෝම හොයන්නේ අඩුවට ඉස්තරම්ම දේවල්. "අන්තිම පන්සීයක් දෙන්න. නෑ නෑ හාරසීය පනහක් දෙන්නම්.බෑ බෑ නෝනා අපිට මෙහෙම බිස්නස් කරලා පාඩුයි" මේවගේ කතා හැම තැනම. රුපියල් දහයක් හරි අඩුවෙන් ගන්න තමා හැමෝම බලන්නේ. මෙහෙම යනකොට එක කඩේක තියෙනවා කික්‍රට් ඇදුම් මාත් එක්ක ගියා අනිකා කික්‍රට් පිස්සා ඌ පැන්නා මෙතෙන්ට ශ්‍රී ලංකා කික්‍රට් ඇදුම් පස්සට වෙලා උඩින්ම තියෙනවා IPL ඇදුම්. හරියට කට්ටියගේ හිත්වලින් ශ්‍රී ලංකා කණ්ඩායම පස්සට වෙලා තියෙනවා වගේ.

හැම තැනම තියෙන කික්‍රට් ඇදුම් සහ කොළඹ පුරා එල්ලලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ බැනර් දකිද්දි සතියකට ඉසැල්ලා තිබ්බ පරාජයේ අමිහිරි මතකයට හිත දුවනවා. ඒත් අපේ උන් අනුශූරයේ කියලා මතක් වෙලා ආයිත් හිත හැදෙනවා.කමක් නෑ 2015 දිවත් බලමුකෝ.

කතාව වෙන පැත්තකට ගියා වගේ . ඔන්න ඉතින් මාත් එක්ක ගිය එකා IPL ෂර්ට් 3 ක්ම ගත්තා.(මුට ලබන පාර IPL යන්න හිතිලද මන්දා) කොහොම හරි එතනින් මාරුවෙලා එනකොට පට්ට බඩගිනියි. වෙලාව 3.10 . තාමත් සෙනඟ ඉවරයක් නෑ. මීට අවුරුදු දෙක තුනකට ඉස්සැල්ලා අපි කොච්චර බයද කොළඹ යන්න. බොම්බ හින්දා. ගිහිල්ලා ගෙදරට එනකන් අගේ ලේ වතුර වෙලා තියෙන්නේ. මේ මිනිස්සු හැම තැනම යනවා දැක්කම අපේ රණවිරුවන්ට අපි සදා ණයගැතියි කියලා හිතුනා.



පට්ට බඩගිනි හින්දා රිංගුවා කඩේකට කොත්තු කන්න. ‍"කොත්තු කීයද" "චිකන් 240,(මුං රත්තරයන් බිත්තර දාන කිකිළියන්ගේ පිරිමි සත්තුද මන්දා) බීෆ් 160 බිත්තර 120, ඊට පස්සේ කියනවා බිත්තර විතරළු තියෙන්නේ.කඩේ අයිතිකාරයගේ දෙමව්පියන්ට පිං අනුමෝදන් කරන ගමන් බිත්තර කොත්තු 3 ක් තුනක් ගේන්න කිව්වා."කෝක් එකක් නැතුව කෑවත් නොකෑවා වගේ කියලා සංගා අය්යා කිව්ව හින්ද කෝක් එකකුත් බෝන ගමන් කොත්තුත් කාලා එළීයට ආවා

යනකොටවත් කොච්චියේ යමු කියලා ගියා කොටුව ස්ටෙෂමට . කොහොමින් හරි ටිකක් තුනකුත් අරන් යනකොට ලස්සන කෝච්චියක් යනවා. අපිට කොහේද බූල් බල්ලෝ කියලා ගියා පැලැට්පොරම් එකට . "දහවෙනි වේදිකාවට පැමිණි දුම්රිය අවිස්සාවෙල්ල බලා පටිත් වේ "(වේදිකා දහයමද කෙහේද තියෙන්නේ) ටක් ගලා නැග්ගා කොච්චියට 6.30 වෙනකොට ගෙදරටත් ආවා. ලියාගෙන ලියාගෙන ගියා කලවැම් මැල්ලම වගේ මොනවා ලිව්වද මන්දා එහෙනම් ගිහින් එන්නම් . කට්ටියටම ලබන්නා‍වූ සිංහල අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසාවන්ත එකක් වේවා!!!!!!!!