Wednesday, March 10, 2010

Photoshop වලින් Apple iPhone එකක මුහුණතක් හදමු.

ඇපල් සමාගමේ ගොඩක් ජනප්‍රිය වුනු ගැජට් එකක් තමයි ඇපල් අයිපෝන් කියන්නේ.ලංකාවේත් මේ ගැජට් එක ගොඩක් ජනප්‍රියයි. සිංහල බ්ලොග් කරුවන් අතරත් මේ ඇපල් අයිපොන් ගොඩක් ජනප්‍රියයි සහ ඇපල් අයිපෝන් ඇප්ලිකේෂන් ඩිපලොපර්ලාත් ඉන්නවා. මම අද කියලා දෙන්න හදන්නේ මේ ඇපල් අයිපෝන් එකක මුහුණතක අකෘතියක් Adobe Photoshop පාවිච්චි කරලා හදා ගන්න විදිහ ගෙන.Photoshop භාවිතා කරලා හදන නිර්මාණ ගෙන ලිපි දෙකක් මම කලින් ලිව්වා.ඒවට ප්‍රතිචාර හොදට තිබුන නිසා මම හිතුවා මේ බ්ලොග් එකෙන්ම Photoshop වලින් කරන්න පුළුවන් දේවල් ගෙන  පාඩමකුත් ගෙන එන්න. ඒ ලිපි වලට  මේක කියවන අයගේ ප්‍රතිචාරය ගොඩක් වැදගත් කියන්න ඕනේ. හරි අපි එහෙනම් වැඩේඩ බහිමු. Photoshop වල මූලික දේ ගෙන ගැටඵ ඇතිවුනොත් කියන්න.


මුලින්ම Photoshop OPen කරගෙන පහල තිර සටහනේ වගේ අළුත් පිටුවක් ගන්න.
දැන් Rounded Rectangle Tool එක අරගෙන පහල තිර සටහනේ වගේ එකේ ඔප්ෂන්  වෙනස් කරගෙන  Rounded Rectangle එකක් ඇද ගන්න. ඊට පස්සේ කැමති පා‍ටකින්  Fill කරගන්න.
පහල රූපය වගේ
ඊට පස්සේ ඒ layer එක උඩ මවුස් එකේ රයිට් ක්ලික් කරලා Blending Options ගිහිල්ලා පහල වගේ layer Style දා ගන්න.දාගෙන OK කරන්න.
දැන් ආයිත්  මුල් Rounded Rectangle එක ඇතුලේ  radius එක 35 pixels පමණ තවත් Rounded Rectangle එකක් ඇද ගන්න.
ඒකටත් පහල වගේ layer Style දා ගන්න.
දැන් පහල වගේ පෙනුමක් එයි.
දැන් අපිපෝන් එකේ පහලින් තියෙන බොත්තම හදමු.ඒ සදහා elliptical marquee tool අරගෙන පහල වගේ Rounded Rectangle එකේ පහලින් selection එකක් දා ගන්න.
දැන් පහල වගේ Layer Palate එකේ තියෙනNew Layer  බට්න් එක ක්ලික් කරලා අළුත් ලෙයර් එකක් ගන්න. අපි දාපු selection එක අළුත් ලෙයර් එක උඩ තියෙන්න ඕනේ.ඒ selection එකට කැමැති පාටක් දා ගන්න.
දැන් අළුතින් ගත්ත  layer එක උඩ මවුස් එකේ රයිට් ක්ලික් කරලා Blending Options ගිහිල්ලා පහල වගේ layer Style දා ගන්න.දාගෙන OK කරන්න.
දැන් අළුත් ලෙයර් එකක් අරගෙන නැවතත්  Rounded Rectangle එක අරගෙන  radius එක 1 pixels දා ගන්න.Mode එක Path කියලා තොරාගෙන අපි හදා ගත්ත Button එක උඩ පහල රූපයේ වගේ ඇදගන්න.



දැන් ඒ ඇදගත්ත Rounded Rectangle එක උඩ මවුස් එකේ රයිට් ක්ලික් කරලා Stock path කියන එක ක්ලික් කරන්න.එන ඩයලොග් බොක්ස් එකෙ Brush කියන එක තොරලා  OK කරන්න.

 දැන් Layer Palate එකේ තියෙන Path ටැබ් එකට ගිහිල්ලා එකේ තියෙන work path කියන එක උඩ රයිට් ක්ලික් කරලා Delete Path කියන එක ක්ලික් කරන්න.

 දැන් පහල වගේ තියෙවි.

දැන් අයිපෝන් එකේ වැඩ භාගයක් විතර ඉවරයි. ලිපිය ටිකක් දික් වෙන නිසා සහ තිර සටහන් වල පින්තූර ටිකක් වැඩි හින්දා ඉතුරු ටික ඊලග ලිපියෙන් දාන්නම්. එතකන් මේ ටික හදා ගන්න.එහෙනම් ඊලග ලිපියෙන් හමු වෙමු. මේ ගෙන ඔබේ අදහස දාන්නත් අමතක කරන්න එපා.ඔබට ජය!

7 comments:

  1. සාමජිකත්වය ලබා ගන්න
    ශ්‍රී ලාංකික ..::SSC::..අන්තර්ජාල වෙබ් ජාලයේ සාමජිකත්වය ලබා ගන්න. යාලුවෝ හදාගන්න, ෆොරම් වලට ජොයින් වෙන්න කියාපු තැන. ජොයින් වෙන්න free sms send karanna http://sscnetwork.ning.com/

    ReplyDelete
  2. සාමජිකත්වය ලබා ගන්න
    ශ්‍රී ලාංකික ..::SSC::..අන්තර්ජාල වෙබ් ජාලයේ සාමජිකත්වය ලබා ගන්න. යාලුවෝ හදාගන්න, ෆොරම් වලට ජොයින් වෙන්න free sms send karanna කියාපු තැන. ජොයින් වෙන්න http://sscnetwork.ning.com/

    ReplyDelete
  3. @ SSC NETWORK
    කරුණාකරලා ස්පෑම් කරන්න එපා. මාතෘකාවට අදාළ දෙයක් දාන්න.

    ReplyDelete
  4. @ SSC NETWORK අපිට යාළුවො හදන්න, බබාල හදන්න කාටද මේ උවමනාව ?
    @ Kasun Nadeeshana ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න.

    ReplyDelete
  5. මෙන්න එල සින්ඩියක්
    http://blog.inetlanka.com/

    ReplyDelete
  6. @ Anonymous
    බොහෝම ස්තුතියි ස්පෑම් වලට

    මම දැන් ඉතුරු ටික ලියනවා.

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.