Thursday, March 18, 2010

Opera පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි.

අද වන විට අන්තර්ජාල ගවේෂක අතර එකිනෙකා පරයා යාමට දැඩ් තරගයක් පවති.මෙයින් Google chorme, firefox හා Internet explorer අතර දැඩි තරගයක් පවතී.‍මේවා අතර එවාටම සුවිශේෂි වූ විවිධ ලක්ෂණ ඇත. ඒ පිළිබදව තමීරගේ තීරය සහ තාරකගේ සටහන් පොත මෙම අන්තර්ජාල ‍ගවේෂක ගැන සදහන් කර තිබුනා.මෙම අන්තර්ජාල ‍ගවේෂක අතර එතරම් කතා බහට ලක් නොවන පරිශිලකයාගේ හිත දිනා ගැනීමට සමත් නොවූ වෙබ් බ්‍රවුසරයක් ඇත.එය Opera වෙබ් බ්‍රවුසරයයි.(සාපේක්ෂව)


ලෝකයේ ‍2010 වර්ෂය තුල Web Bowser පාවිච්චි කරන විදිහ ගෙන www.w3schools.com වෙබ් අඩවිය කල සමීක්ෂනයකුයි පහත දැක්වෙන්නේ (සම්පූර්ණ විස්තරය බැලීමට මෙතන click කරන්න. )

එම සමීක්ෂනය අනුව Opera වෙබ් බ්‍රවුසරයට හිමිවන්නේ 2.1% ප්‍රතිශතයකුයි. firefox ට මෙහි මුල් තැන ලැබී ඇත.Google chorme දෙවැනියට ඇත.

මේ වන විට මෙහි 10.50 සංස්කරණය නිකුත් වී ඇත. Opera වල ජංගම දුරකථන සංස්කරණය වන Opera mini නම් ජංගම දුරකථන දුරකථන භාවිතා කරන්නන් අතර ජනප්‍රිය වෙබ් බුවුසරයකි. මෙය සිංහල භෂාවෙන්ද නිර්මාණය වී ඇත. එතරම් අවධානයට ලක් නොවුනත් මෙම වෙබ් බ්‍රවුසරය තුල සෑහීමට පත් විය හැකි ගුණාංග කිහිපයක් ඇත.

ඒවා පහත පරිදි වේ.

වේගය - සමානයෙන් වේගය අතින් ගත් විට google chorme, firefox හා Internet explorerට සැලකිය යුතු තරගයක් දිය හැකි මට්ටමක පවතී. Internet explorer හා සසදන විට Opera සැලකිය යුතු තරම් වේගයක් ඇත.

Notes - අන්තර්ජාලයේ සැරැසරන විට අපට යම් කිසි සටහනක් දා ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම පහසුකම භාවිතා කල හැකියමේ සදහා tools මේනු එකේ notes යන්න භාවිතා කල හැකිය.

widgets - firefox හා Google chorme වඩා ජනප්‍රිය වීමට බලපෑ ඇත්තේ විවිධ Extention හා adon ය. Opera වල මීට සමාන කාරයක් ඉටු කරන අංගය widgets නම් වේ. Opera සදහාත් විවිධ widgets භාවිතා කල හැකිය.

Wand - ‍firefox හා Google chorme වල අපගේ Pasword සුරකීමට සමාන දෙයක් මෙම Wand මගින් සිදු කරනු ලබයි. මේ සදහා ‍Opera මගින් form එකක් පුරවන විට ctrl+ Enter එබීමෙන් අපගේ විස්තර මෙහි ගබඩා කර තැබිය හැක.

quik preferences - මේ මගින් වෙබ් අඩවි වල පවතින javascipt,popup,plug-in දේවල් අවහිර කිරීමට භාවීතා කරයි.මේ සදහා tools මේනු එකේ quik preferences භාවිතා කල හැකිය.

Bit torrents - torrents download කිරීමටද Opera භාවිතා කල හැකිය. torrents සම්බන්ධතා පුරුකක ක්ලික් කල විට Opera මගින් එම ෆයිල් භාගත කර ගත හැකිය.

session saving - මේ මගින් අප Opera වල අවසන් වරට භාවිතා කල ටැබ්ස් ආදිය නැවත එම අකාරයෙන් save කිරීමට මෙය භාවිතා කරයි.

speed dial - මෙමගින් අප කැමති වෙබ් අඩවි වලට ඉක්මනින් පිවිසිය හැකිය.

මෙයට අමතරව තවත් බොහෝ ගුණාංග මෙහි ඇත.ඒවා ප්‍රතිචාර වලදී සදහන් කරන්න.මම උත්සහ කලේ Opera බ්‍රවුසරයේ ඇති විශේෂාංග ගෙන දැනුවත් කිරීමයි. එහෙනම් ලිපිය අවසන් ඔබට ජය!

garupale garupale

14 comments:

  1. ඔපෙරාවල මට නම් අල්ලලම ගියපු (සහ කසුන් සඳහන් නොකරපු) විශේෂාංගය තමයි Turbo boost. විශේෂයෙන්ම සීමිත සබඳතා තියෙන අයට ප්‍රයෝජනයි.
    ඇත්ත ඔපෙරා සිරාම බ්‍රව්සරයක්, ඒත් මම තවම ක්‍රෝම්වලම ඉන්නෙ වේගයටත් වඩා, ඔපෙරාවල ලිනක්ස් සංස්කර‍ණයේ සිංහල යුනිකෝඩ් අවුල නිසා.

    ReplyDelete
  2. මමත් ඔපෙරා භාවිතා කරනවා ෆයර්ෆොක්ස් ට බැරි වැඩ කරගන්න

    ReplyDelete
  3. ෆයර්ෆොක්ස් වලත් සෙෂන් සේවින් පහසුකමතියෙනවා
    ෆයර්ෆොක්ස් හා ක්රෝම් වල අවසන් වරට වැසූ කවුලු හෝ ටැබ යලි ලබාගැනීමේ හැකියාවත් තියෙනවා.

    ඔපෙරා මිනි නම් මැක්සා පින්තූර කොලිටි අඩු කරල උනත් ගන්න පුලුවන්. දත්ත ප්‍රමාණය ඉතිරි කරගන්න ඒක නියම උපක්‍රමයක්

    ReplyDelete
  4. @ තමීර | Thameera
    මාත් අහලා තියෙනවා ඔපෙරාවල ලිනක්ස් සංස්කර‍ණයේ සිංහල යුනිකෝඩ් අවුල් කියලා. වින්ඩෝස් සංස්කරණෙ නම් ලෙඩක් තවම අවේ නෑ. මටත් ලිනක්ස් වලට එන්න ආසයි. ඒත් තවම ජනේලේ එල්ලිලා ඉන්නවා.ස්තුතියි සදහන් නොකරපු විශේෂංගයක් මතක කලාට

    @ සම්පත්

    ස්තුතියි ප්‍රතිචාරයට

    @ ගයාන් තාරක

    ඔව් ගිනි නරියගෙත් තියෙනවා. මාත් මොබිටෙල් ඩේලී ඩිලයිට් දාගෙන පෝන් එකෙන් නෙට් යනකොට පාවිච්චි කරන්නේ
    ඔපේරා මිනි දත්ත ප්‍රමාණය රැකෙනවා . ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  5. මමත් ඔපෙරා තමයි. ගිනි නරියට වඩා වේගවත්..

    ReplyDelete
  6. මමත් ඔපෙරා. මචෝ ඔපෙරා කියලා ලියලා තියෙන විදියනං පොඩ්ඩක් වැරදියි වගේ. "a" අකුරක් වැඩියි.

    ReplyDelete
  7. Oprea වැඩිය ප්‍රචාරණය කරන්නෙ නැහැනෙ. නැත්තන් Oprea ත් හොඳ Browser එකක්

    ReplyDelete
  8. @ ගිහාන්
    බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට

    @ Thilina
    ස්තූතියි වැරැද්ද පෙන්නුවට මම හරිගස්වන්නම්

    @ Chanaka Aruna Munasinghe
    මාත් හිතන්නේ Oprea වැඩිය ප්‍රචාරණය කරන්නෙ නැති එක තමයි අවුල.සමහර කට්ටිය මේක ගෙන දන්නෙත් නැති තරම්.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. Opera එකට තමන්ට කැමති ඕනැම search engine එකක් එකතු කරගන්නත් පුලුවන්. ඒ විතරක් නෙමේ, ඒ එකතු කරගත්ත search engine ටික, එතකොට අපේ notes, bookmarks වගේ දේවල්, Opera Link හරහා Opera Mini ත් එක්ක sychronize කරගන්නත් පුලුවන්. ඕනැ නම් Opear Link වෙබ් අඩවියට log-in වෙලා, ඒවා වෙන කම්පියුටරයකින් වුණත් ගන්නත් පුලුවන්.

    ReplyDelete
  11. බොහෝම ස්තුතයි සදහන් නොවුනු කරුණු සදහන් කළාට.

    ReplyDelete
  12. මම වාසිටි ඉන්න කාලේ පාවිච්චි කලේ ඔපෙරාව.
    මොකද අයි.ඊ. එකෙන් බාගත කරන තැන ලින්ක් එක ගන්න බැරි හින්දා.

    මෙහෙම බලපුවාම ඔක්කොමලා පාවිච්චි කරලා තියෙනවා වගේ.
    නමුත් ප්‍රචාරය මදි කම නිසා මේක පාවිච්චිය අඩු වෙලා තියෙන්නේ...


    /බිඟුවා...!

    ReplyDelete
  13. @ බිඟුවා...!

    මාත් හිතන්නේ ප්‍රචාරය මදිකම තමයි මේක පාව්ච්චි නොකරන්න හේතුව:D . ස්තූතියි ප්‍රතිචාරයට :D

    ReplyDelete
  14. මම ඉස්සර මේක භාවිතා කරා. ඉස්සර අපිට ADSL නෑ. තිබුනේ Dial-up Connection (56kbps) ඒකට නම් කියාපු භා‍න්ඩය තමයි OPERA.. ඒත් දැන් ඕන නෑ ඒක

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.