Wednesday, February 3, 2010

Blogger templete එකක් හදමු - Part 11 - දෙවන කොටස


ගියපාර අපි ලිපියෙන් Blogger templete එකේ කොටස් කිහිපයක් photoshop පාවිච්චි කරලා හැදුවා. ඒ කොටස
මෙතන කොටලා බලන්න පුළුවන්.
අද මම ඒ ලිපියේ ඊලග කොටස දාන්නම්. පහල වගේ පෙනුමක් එනකම් අපි හදා ගත්තා. දැන් අපි බලමු ඊලග කොටස් ටික හදාගන්නේ කොහොමද කියලා.



මුලින්ම පොඩ් වැඩක් කරන්න ඕනේ.ඒ තමා අපි හදන templete එකේ ස්ථාන පහසුවෙන් බලා ගන්න පුළුවන් විදිහට guide එකක් දා ගන්න එක .ඒ සදහා Photoshop වල මෙනු බාර් එකේ View -> new guide තොරන්න.දැන් එන dialog Box එකේ orientation එක Horizontol ලෙසත් Position එක 2.5 in ලෙසත් දිලා Ok කරන්න.




දැන් අපි Templete එකේ හෙඩර් එක හදා ගමු. ඒ සදහා මම පහල රෑපයේ වගේ පින්තූර 3 ක් ගන්නවා. (මම මේවා හොයා ගත්තේ google වලින් ) කැමති පින්තූර 3 ක් මේ සදහා ගන්න පුළුවන්. දැන් පින්තූර 3 නම Photoshop වලට ගන්න (file -->open මගින් )





දැන් අපි අර Open කරගත්ත පලවෙනි පින්තූරය‍ට ගිහිල්ලා rectangular marquee tool එක අරන් clrl+A ගහලා මුළු image එකම තෝරලා Crtl+C ගහලා Copy කරගෙන අපේ document එකට ගිහිල්ලා Crtl+ Vගහලා Paste කරගන්න.



දැන් Move tool එක මගින් ඒ image එක පහල රූපයේ වගේ ස්ථානගත කරගන්න.




අනිත් පින්තූරත් වගේම Paste කරගෙන කලින් රූපයේ වගේ ස්ථානගත කරගන්න. Ctrl+T ගහලා Size එක හදාගෙන Enter press කරන්න.දැන් පහල රූපයේ වගේ පෙනුමක් එයි. (හදා ගන්න බැරි නම් කියන්න)




දැන් අපි templete එකේ body එක හදලා ඉවරයි. දැන් Content Area එක හදා ගමු.
මුලින්ම අළුත් layer එකක් ගන්න.දැන් ආයිත් guide ටිකක් දා ගන්න ඕනේ
පහල සදහන් කරලා තියෙන අගයන් වල guide ටිකක් දාගන්න.

1 Orientation Horizontol
Position - 2.9 n

2 Orientation vertical
Position - 2.2 n

3 Orientation vertical
Position - 13 n

rectangular marquee tool එක මගින් පහල වගේ selection දමා ගන්න. Selection එක දාන කොට අර අපි දා ගත්ත guide මතම දා ගන්න.







දැන් paint Bucket එක අරගෙන forground color එක විදිහට සුදු තෝරලා selection එකට දමාගන්න.







දැන් layer පැලට් එකේ අළුතින් ගත්ත layer එකේ Opacity එක 92% කරන්න.




දැන් මේ වගේ පෙනුමක් එයි(මොකක් හරි ගැටළුවක් උනා නම් ප්‍රතිචාරයක් දාන්න)




ඊට පස්සේ මෙනු බාර් එකේ view--> clear guide ගිහිල්ලා guide ටික clear කරගන්න.
දැන් මේ document එක jpeg එකක් කරගැනීම සදහා. file--> Save for web යන්න මගින් Save for webdialog Box එක ලබාගෙන එහි setting වල jpeg සහ Medium යන්න තෝරා save කරගන්න.




දැන් Photoshop වලින් කරන වැඩ ටික ඉවරයි. දැන් මේක Blog templete කරගන්න අකාරය ඊලග ලිපියෙන් දාන්නම්.


4 comments:

  1. මේක හදල ඉවර උනාම සාම්පල් එක මේ සයිට් එකෙන්ම බලාගන්න පුලුවන් වෙයි නේද?

    ඊළග කොටස එනකං අපි බලන් ඉන්නවා! දිගටම ලියන්න!

    ReplyDelete
  2. ඔව්. ඔව් මම මේ අන්තිම කොටස දැන් ලියනවා.

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.