Wednesday, February 10, 2010

clamwin Anti Virus එක භාවිතා කලෙමි.

අද වන විට පරිගණක අරාක්ෂාව පරිගණක කේෂත්‍රයේ කවුරුත් කතා කරන මතෘකාවක් වෙලානේ. පරිගණක අරාක්ෂාව තරජනයක් වන විනාශකාරී වැඩසටහන්(virus, Malware,Tojan programs ) මර්ධනය කිරීම සදහා සාදන ලද Anti Virus වැඩසටහන් අද වන විට මෘදුකාංග වෙළෙදපලේ ඉහල ඉල්ලුමක් ඇති මෘදුකාංග බවට පත්වෙලා. මේවා අවුරුද්දෙන් අවුරුද්දට නැත්නම් අවුරුදු 2 කෙන් 2 කට ලයිසන් ගන්න ඕනේ.

මම අද කියන්න හදන්නේ නොමිලේ දෙන Open Source Anti Virus  එකක් ඒ තමයි   clamwin Anti Virus  එක ගෙන මේක නිකුත් කරලා ටිකක් කල්. ගොඩක් අය මේක දැනටමත් දාගෙන ඇති. මටත් හිතුනා මේක ටිකක් දා ගෙන බලන්න. මේතන කොටලා   ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න.


මේක දාගත්හම මැෂින් එක Slow වෙන්නේ නම් නෑ. මේක තවමත් එච්චර දියුණු නෑ.  Real-Time Protection
ඒ කියන්නේ අපි Manual Scan  නොකර ස්වයංක්‍රීයව අරාක්ෂාව ලබා දීම නම් මෙකේ තවම නෑ. හැබැයි අනිත් Anti Virus වලට අහුවෙන්නේ නැති හුගක් Trojan horse programs වගේ ඒවා මේකෙන් අහු උනා.


මේකේ තියෙන විශේෂත්වය තමයි මේක Pen Drive එකකට දාගෙන පෝටබල් Anti Virus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්  එක.

Anti Virus නැති නෙට් කැ‍‍ෆේ වලින් ෆයිල් ඩවුන්ලෝඩ් වලට නම් ගොඩක් ප්‍රයෝජනවත්.මම මේක දාගත්තේ ඒක නිසාමයි. නමත් මේක  Open Source නිසා ඉදිරියට ගොඩක් දියුණු වෙයි කියලා හිතනවා.

එහෙනම් ලිපිය දැනට ඉවරයි. ඔයගොල්ලෝ පාවිච්චි කරන Anti Virus මොනවද කියලා කියන්න අමතක කරන්න එපා.


15 comments:

  1. මම නම් කැමති Kaspersky Internet Security. අවුරුද්දක් ලයිසන් ගන්න රුපියල් 1750ක් වගෙනේ ගෙවන්න ඕන. මට හිතෙන්නෙ ඒ ගානට පාඩු නෑ කියලා. ☺
    Windows වල Virus Guard එකක් නැතිව කන කට්ට කියන්න ඔනේ නෑනේ.
    හොඳ ලිපියක්. ස්තුතියි...!

    ReplyDelete
  2. මාත් මේක පාවිච්චි කරල තියෙනව හොද ගාඩ් එකක්. පුලුවන් නම් මේකෙ පෝටබල් එක හදන හැටිත් කියල දෙන්න. මේ ගාඩ් එක තවත් දියුනු කරන්න දායක වෙන්නත් පුළුවන්. ටිවී ප්ලේයරය මෙතන්න් අයින් කලොත් හොද නැත්ද?

    ReplyDelete
  3. මේකෙ එකම ලෙඩේ තමයි rial time protection එක නැති එක.

    ReplyDelete
  4. මේ ගාඩ් එක අප්ඩේට් කරන්නෙ කොහොමද ? කලින් නම් ඒතරම් පහසු ක්‍රමයක් තිබුන් නැහැ. මම නම් සිකියුරිටි එසෙන්ශල් තමයි පාවිච්චි කරන්නෙ. :] කැස්ප හොදයි තමයි ඒත් :p

    ReplyDelete
  5. @ Anonymous
    මේකේ පෝටබල් එකක් හදන හැටි පෝසට් එකක් ඉක්මනට දාන්නම්'
    මන් ටීවී එක අයින් කරලා වෙන පේජ් එකකට දාන්න හදන්නේ ඉක්මනට දාන්නම්

    ReplyDelete
  6. රොකියා | Udara
    ඒක තමයි rial time protection එකක් තිබුනා නම් මැක්සා.හැබැයි ඉක්මනට හදයි.

    ReplyDelete
  7. @ Anonymous
    මේක Update කරන්නේ Task bar එකේ තියෙන Icon එක උඩ ක්ලික් කරලා Download virus Database Update කියන එක දෙන්න. ඉන්ටනෙට් කියෙන්න ඕනේ. නැතුව Update කරන විදිහ හොයලා බලලා කියන්නම්

    ReplyDelete
  8. මම නම් එදත් අදත් පාවිච්චි කළේ Kaspersky Internet Security තමා... මේ Anti Virus එක Update කරන්න පුළුවන්ච?

    ReplyDelete
  9. @ sithija
    Update කරන්න පුළුවන් Task bar එකේ තියෙන Icon එක උඩ ක්ලික් කරලා Download virus Database Update කියන එක මගින් කරන්න පුළුවන්.මේකේ තියෙන වාසිය තමයි පොටබල් එකක් හදා ගන්න පුළුවන් එක

    ReplyDelete
  10. මචන් Clam හොඳ Linux වලට! එක Windows වලට මදි

    ReplyDelete
  11. @ Pubudu Kodikara
    Linux වලට නම් ඉතින් එච්චර ආරක්ෂෘව ගෙන ප්‍රශ්න නෑ නේද. මං දන්න විදිහට

    ReplyDelete
  12. අපි වගෙ අසරණයින්ට මේක හොදයි. අප්ඩේට් මැනුවල් විදිහට කරන්න පුලුවන්ද කියල නම් දන්නෙ නැහැ. හැබැයි පෝටබල් නම් හදල තියෙනව. කවුරුහරි වැඩකරුවෙක් ඉන්නව නම් මේක ටිකක් ඩිවලොප් කරගන්න ඒක ගොඩක් හොදයි.

    ReplyDelete
  13. Clam කියන්නෙ Linux වලට එන එකක් මේක calm win windos walata මදි වින්ඩෝස් ලොකු වැඩිද ?

    ReplyDelete
  14. එහෙම්ම්මම කියන්නත් බෑ මච්න්, windows වෙලට වඩා නම් safe, ඒ උනත් not completely safe! :D

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.