Tuesday, February 9, 2010

Create a Blogger templete-Blogger templete එකක් හදමු - අවසාන කොටස

ගියපාර මම කියලා දුන්නා Blog template එකක් photoshop වලින් හදාගන්න විදිහ. පහල රූපයේ වගේ එකක් තමා අපි අන්තිමට හදාගත්තේ. ඊට පස්සේ ඒක jpeg එකක් විදිහට Save කරගත්තා.

අද අපි මේක Blogger template එකක් විදිහට අප්ලෝඩ් (Uploaad) කරන විදිහ බලමු.ඉස්සෙලම කරන්න ඕනේ මේ අපි හදාගත්ත jpeg image එක Direct link එකක් ගන්න පුළුවන් වෙන තැනකට අප්ලෝඩ් (Uploaad) කරන එක මේකට ඕනෑ තරම් වෙබ් අඩවි තියෙනවා. මම මේකට පාවිච්චි කලේ Photobucket මෙතන click කරලා ඒකට යන්න පුළුවන්

 මේකේ Register වෙලා user name සහ password භාවිතයෙන් Photobucket වලට ගිහිල්ලා පහල රූපයේ වගේ Upload files කියන එකෙන් අපි හදා ගත්ත jpeg image එක Open කරන්න.



දැන් get link කියන එක click කරන්න. දැන් එකේ Direct Link කියන එක ඉස්සරහා තියෙන Link එක copy කරගන්න.



දැන් පහල තියෙන text  file එක ඩවුන්ලෝඩ් කරගෙන word pad වලින් open කරගන්න.(මේක ඩවුන්ලෝඩ් කරන්න දැම්මේ මේකේ code ගොඩක් තියෙන හින්දා



දැන් Ctrl+F ගහලා පහල තියෙන code එක හෝයාගන්න.

body {
-moz-background-inline-policy:continuous;
background:url("your link here") no-repeat scroll center top #D95276;
color:#333333;
font:small Georgia Serif;
margin:0;
text-align:center;
}

ඊට පස්සේ එකේ url එක තියෙන තැනට අපි අර Upload කරගත්ත එකේ Direct Link එක Paste කරගන්න. දැන් code එක පහල වගේ පෙනේවී.

body {
-moz-background-inline-policy:continuous;
background:url("http://i789.photobucket.com/albums/yy174/kasuntec/templete.jpg") no-repeat scroll center top #D95276;
color:#333333;
font:small Georgia Serif;
margin:0;
text-align:center;
}

දැන් word pad වල file -->  save as ගිහිල්ලා file name එ‍කේ අගට .xml කියලා type කරලා save කරන්න.


දැන් Blogger වලට Log වෙලා Layout ගිහිල්ලා edit html යන්න. දැන් අපි save කරගත්ත .xml එක තෝරලා දීලා upload කරන්න. (මේක කරන්න ඉස්සැල්ලා දැන් තියෙන template එක Backup කරගන්න )

 දැන් view Blog කියන එක click කරලා බලන්න අපි හදාගත්ත template පහල වගේ පෙනෙයි.



මෙතන click කරලා මම මේක දා ගත්ත බ්ලොග් එකට ගිහින් බලන්න. මේ ලිපියේ වැරදි තියෙනවානම් හෝ ගැටළු තියෙනවා නම් ප්‍රතිචාරයක් දාන්න. මේක මම අත්හදා බලපු එකක් හින්දා වැරදි නම් ටිකක් ඇති ගැටළුවක් උනොත් කියන්න.ඊලග ලිපියෙනුත් මේකට වැඩකැලී ටිකක් දාන්න කියලා දෙන්නම්. එහෙනම් ජය වේවා!







5 comments:

  1. අන්තිම එකත් ලිව්ව ... තාම වෙලාවක් අවෙ නැහැ ... මුල් එකවත් කරන්න ... කමක් නැහැ දිගටම ලිව්ව එකට තුති ....

    ReplyDelete
  2. @ වැප්
    බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  3. මාත් අත්හදා බලන්න ඕනි. තවත් මේ වගෙ විස්තර ලියන්න.

    ReplyDelete
  4. @ Anonymous
    අත්හදා බලලා කියන්න. ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.