Thursday, January 20, 2011

අවුරුද්දක බ්ලොග් කෙරුවාව



හම් අවුරුද්දක් ගිය ඉක්මන . අදට හරියටම මගේ දෙවෙනි සිංහල බ්ලොග් එක වන “කස්සාගේ සයිබර්සටහනේ "පළවෙනි පෝසට් එක දාලා අවුරුද්දක් වෙනවා. කාලේ ගිය ඉක්මන.:D මුලින්ම කියන්ඩ ඕනේ මේ සිංහල බ්ලොග් කේරුවාවට මං ආවේ අහම්බෙන් කියලා කිව්වොත් හරි.ඒ ෆයර් ෆොක්ස් සිහලෙන් හදපු කාලේ දී. ඊට පස්සේ ඉතින් ‍ටික ටික සිංහල බ්ලොග් කියවේවා. මං හිතන්නේ මුලින්ම කියෙව්ව මලින්තගේ බ්ලොග් එකද කොහේද.

ඒත් අදවන විට සිංඩි වල විතරක්  1000 පන්නලා සිංහල බ්ලොග් තියෙනවා. සිංඩිවල නැති බ්ලොග් ගොඩකුත් තියෙනවා. ඉතින් මුලදි නම් පෝසට් එක පිට එක දැම්මත් දැන්නම් ටිකක් ලියවෙනවා හොරයි. ඒ වගේම මම ඉස්සැල්ම පටන් ගත්ත “3dsmax සිංහලෙන්" බ්ලොග් එක නම් දැන් ලියන්න හම්බවෙන්නේම නෑ. ඒ ඉතින් කම්මැලිකටම අමතරව වෙලාවක් නැති කම තමා. අගෝස්තු මාසේ පෝස්ට් එකක් දැම්මට පස්සේ මාස තුනක් හතරක් ගිහිනුත් පෝස්ට් එකක් දාන්න බැරි උනා. 

මාර්තු මාසේ BIT Semester 1 Exam නිසා තවත් වෙලාව නැති වෙලා. ඒහෙම කියලා බෑනේ කොහොම හරි BIT එක ඉවර කරගන්න එපැයැ . :D


ඒත් ආපහු බ්ලොග් ලියන්න හිතුනේ දෙසැම්බර් 19 තිබුන සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවෙන් පස්සේ. ‍


ඒකේදි බ්ලොග් ලියන අය වගේම කියවන අයත් ගොඩක් හම්බ වුන නිසා පොඩි කික් එකක් ලැබුනා. :D


ලියන්න කියලා මැෂින් එකේ සේව් කරගෙන ඉන්න ඩාෆ්ට් ටික ඉක්මනට දාන්න ඕනේ.මේ සිංහල බ්ලොග් කෙරුවාව හින්දා ගොඩක් මිතුරෝ අදුරගන්න ලැබුනා. ඒවාගේම සිංහල භෂාව අන්තර්ජාලය තුළ වැඩි කරන වැඩේට පොඩි කික් එකක් දෙන්න ලැබුනා. 

ඉතින් අවුරුද්දක් පුරා මගේ බ්ලොග් එක බලපු හැමෝටම ස්තුතියි. ඒ වගේම මුල්ම කමෙන්ට් එක දාපු වැප් ගේ ඉදලා කමෙන්ට් දාපු සියළු දෙනාටත් බොහොමත්ම ස්තුතයි. 

එහෙනම් අපි කැපුනා. ගිහින් එන්නම්කෝ.ජයෙන් ජයම වේවා!!!!

7 comments:

  1. මගෙන් උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  2. හප්පා ..මං දෑ මුලිනම් කමෙන්ටුව දාලා තියෙන්නේ ...

    ලියමු ලියමු දිගටම ලියමු එහෙනම්

    ReplyDelete
  3. උණුසුම් සුභපැතුම්... දිගටම ලියමු..

    ReplyDelete
  4. magenuth subapathum machan,digatama liyanna....


    (sinhala unicode na, mobile eken thamai dan internet anne,a-kain singlish walin liyanna une )

    ReplyDelete
  5. @Admin : Trix Hunter
    අම්මෝ සුභ පැතුම් වල රස්නේ. නැන්කු

    @ වැප්
    ඔව්නේ. එළ එළ

    @ගීත් | Geeth
    එළ එළ

    @ Lasindu Nadishan | Admin - www.Slbloggs.com
    අහ්. එළ එල අවුලක් නෑ

    ReplyDelete
  6. සුභ පැතුම මගෙනුත්

    ReplyDelete
  7. www.lkesolutions.com

    Affordable and Reliable Web Hosting Solutions...

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.