Sunday, December 19, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ දෙවන හමුව සහ බ්ලොග් ලීවීම නැවත ඇරඹීම

හුඟ කාලේකින් තමා බ්ලොග් එක ලියන්න ගත්තේ.හේතුව නම් කම්මැලිකම තමා.අනිත් එකවෙලාවක් නැති කම.මේ වෙන විට මම බ්ලොග් කෙරුවාවට ඇවිල්ලත් අවුරුද්දකට කිට්ටුයි.විශේෂයෙන් පෝස්ට් එකක් දාන්න හිතුණේ අද ඉතා‍ සාර්ථකව පැවැත්වුණු සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව හින්දමයි. 

දෙසැම්බර් 19 එනකම් මම නම් හිටියේ ඇඟිලි ගැන ගැන බ්ලොග් අවකාශය හොල්ලන මූණු ටික බලාගන්න. ඉතින් උදේ පාන්දරම ඇහැරිලා ලෑස්තිවෙලා ස්ටේෂමට ආවා. කොටුවට ටිකට් එකක් අරගෙන කොච්චියට නැග්ගා කියමුකො. මඟදි කෝච්චියට මගේ  යාළුවා ගීතීකයත් සෙට් වුනා.මිනිහා බ්ලොග් නොලිව්වට මිනිහගේ විනෝදංශය බ්ලොගේ කියවලා කමෙන්ට් කරන එක.ඉතින්මිනිහත් එක්ක පච කෙල කෙල ‍වටපිටාවේ ඉන්න එක එක ඒවා දිහා බල බල කොච්චියේ ආවා.

මඟදි කෝල් එකක් ආවා ගීත්ගෙන් මිනිහා කොටුවේ ස්ෂෙන් එක ගාව ඉන්නවා එහෙදි සෙට් වෙමු කියලා. ඊට පස්සේ යොහාන් කණිෂ්කත්  කෝල් කරලා කිව්වා මිනිහත් කොටුවට ඇවිල්ලා එනවා කියලා. කොහොම හරි කෝච්ය මරදානටත් ආවා මෙන්න යකඩ කටින් කෑගහලා කියනවා "9 වන වේදීකාවේ ඇති දුම්රිය මරදානට පමණයි. කොළඹ කොටුවට යන මඟීන් 7 වෙනි වේදිකාවේ ඇති දුම්රියට නගින්නZ කියලා.අපි ඉන්නේ මොන වේදිකාවේ තියෙන කෝච්චියේද කියලා මම හිතන කොටම ගීතීකයා මාවත් ඇදගෙන අනිත් කෝච්චියට නැග්ගා. ඊට පස්සේ එතන විනාඩි 15 විතර තියාගෙන ඉදලා කෝච්චිය කොටුවට ආවා.


එතකොට ගීත්ගෙන් කෝල් එකක් ආවා අපි බස් එකට නැග්ගා කියලා . ඊට පස්සේ හනිකට ගීතිකයත් එක්ක මොරටුව-කොටුව බස් එකක නැගලා නවලෝක ඉස්පිරිතාලේ ලඟින් බැහැගත්තා.ඊට පස්සේ ටිකක් ඉස්සරහට යනකොට තමා දැක්කේ නවම් මාවත ඒක දිගේ ටික දුරක් යනකොට DPHL බිල්ඩින් එක හම්බවුනා. ඒක ඉස්සරහම ‍සෙට් එකක් ඉන්නවා දැක්කා මම දුරදීම දැනගත්තා මුං ටික නම් බ්ලොග් කරුවෝ ටිකක් තාමා කියලා. මෙන්න ටිකක් දුර යනකොට එකෙක් කතාකලා මට.

මේ ඉදලා තියෙන්නේ හිඟන්නයි කුෂාන් වන්නිආරච්චි ඇතුළු සැට් එකනේ.කතා කරලා තියෙන්නේ අශාන් නොහතේ හිඟන්නනේ.ඉතින් ඒගොල්ලොත් එක්කම බිල්ඩිම ඇතුළට ගිහිල්ලා ඉස්සරහා තිබුණු තැන නම මාර්ක් කලා එතතන හිටියා හෙණ සැට් එකක්. කණිෂ්ක ඩබල, මාධව,මුචා ඇතුළු බර සැට් එකක් ඊට පස්සේ කෂ්ටියත් එක්කම ලිෆ්ට් එක ඇතුළට මීයෝ ටික වගේ රිංගලා 3 වෙනි තට්ටුවට අවා.ඊට පස්සේ ශ්‍රවණාගාරයට ඇතුල්වෙන කොටම එකවගේ ඩබලක් ඇවිල්ලා කතා කොලා. බලනකොට මේ ඇවිල්ලා තියෙන්නේ හසියියි. පබුදුවයිනේ. උන් දෙන්නා පොඩි හදිස්සික් වෙලා එළියට දුවනවා(මං හිතන්නේ බඩේ වර්ජනයක්ද කොහේද . හිකිස්)

ඉතින් ඇතුළට ගිහිල්ලා හත්අටපොලකින් වාඩි උනා මුලින්ම කට්ටිය අදුරගත්තා අදුරගන්නකොට එක එක අයගේ ආරූඩ නමත් එක්ක ඇත්ත නම කියනකොට නම් ශ්‍රවණාගාරය හිනා සාගරයක් වුනා.කොහොම හරි කෂ්ටිය අදුරගත්තට පස්සේ කාලිංග අය්යා පොඩි හැදින්වීමක් කලා.  ඊට පස්සේ බන්දුල මහතාත් පොඩි හැදින්වීමක් කරලා . මයිකෝසොෆිට් සමාගම වෙනුවෙන් වෙලින්ටන් අය්යා මයිකෝසොෆිට් සමාගමේ සිංහල යුනිකෝඩ් සංවර්ධනය පිළිබද හැදින්වීමක් කලා. ඔය අතරේ මලින්තත් අනුෂ්කත් එහාට ඇඹරි මොහට ඇඹරි කැරකි කැරකි පොටෝ ගත්තා.:D

ඊට පස්සේ කට්ටිය සමූහ ඡයාරූපයකට පේනී ඉදලා දවල් අහාරය ගන්න කැන්ටිමට ගියා.කාලිංග අය්යලා ලෑස්ති කරලා තිබ්බා දවල් කෑම කාලා කට්ටිය එකිනෙකා එක්ක පොටෝ ගන්න ගමන් .කතාබාහා පටන් ගත්තා.ඒ අතරේ මාධව අය්යා මාවත්  ඇදලා අරගෙන ලඟපාත හිටිය කට්ටිය එක්ක පොටෝ එකක් ගත්තා ඔය පහල තියෙන්නේ ඒක. (ඕක ඉස්සුවේ කාගේද මංදා FB එකකින්)


ඉතින් අන්තිමේදී කට්ටියම ගෙවල් බලා එන්න පිටත් වුණා.මම නම් හවස 2-3 වෙනකොට ගෙදර ආවා.කට්ටිය‍ දැක්කම මට නම් හිතුණා කෙහොම හරි දිගටම සතියකයට සැරයක්වත් බ්ලොග් එක ලියන්න ඕනේ කියලා.ඉතින් මේ හමුව සංවිධානය කරපු සිංහල බ්ලොග් එකේ ඇඩ්මින්ලටත් ස්ථානය ලබාදුන්නු වෙලින්ටන් අය්යටත් බොහෝම ස්තුතයි.ඒ වගේම කට්ටියම අදුරගන්න ලැබීම ලොකු සතුටක්.

ඔක්කොම කරලා ගෙදර ඇවිල්ලා මැෂිම ලඟ ඉදගත්තමයි මට මතක් වුණේ හෙට මගේ උපන් දිනය නේද කියලා.අප්පට සිරි තව අවුරුද්කින් මම වයසට ගියානේ.එහෙනම් මම ගියා. බායි

15 comments:

  1. සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.....................
    ලබන සැරේවත් සහභාගී වෙන්න බලමු.

    ReplyDelete
  2. සුබ උපන් දිනයක් වේවා

    ReplyDelete
  3. සුබ උපන් දිනයක් වේවා

    ReplyDelete
  4. සුභ උපන්දිනක් ඔයාට....

    ReplyDelete
  5. එල එල, හොඳට ලියල තියෙනවා. :)
    අඩෝ, මම ඉන්න මේ ෆොටෝ එක මාර ජනප්‍රියයින්. කට්ටියම ඒකමයි උස්සන්නෙ, කාගෙන්ද උස්සල තියෙන්නෙ කියල කියල නැති නිසා මාත් නොකිය ඉන්නම්. :D
    ඒ හැමෝටම මේක වෙනුවෙන් හද පතුලෙන්ම ස්තුති කරන්න ඕනෙ.

    උඹ ඊයෙ කියන්න එපැයි අද උපන්දිනේ කියල, එහෙනම් ඊයෙම පාටියක් ගන්න තිබුනනෙ. :(
    කොහොම වෙතත් "සුභ උපන්දිනයකට ආසිරි!"

    ReplyDelete
  6. එල එල... මුලු ස්ටෝරියම එලට ලියල තියෙන්නෙ........ සුබ උපන්දියනක් වේවා.............. අයියෝ ඊයෙ දන්නවනන් දතක් ගලවනවනෙ :D

    ReplyDelete
  7. සුභ උපන්දිනයක් කියලා පතනවා .... මුනු ටික බලාගන්න ලෑබිමත් සතුටක් ....

    ReplyDelete
  8. සුබ උපන්දිනයක්ම වේවා!!!!

    ReplyDelete
  9. දවල් කෑම එකනම් මරු. කට්ටියටම හොදට බඩගිනි වෙලානේ තිබුනේ. :) :)

    ReplyDelete
  10. @ dinesh
    තැන්කු කිව්වා‍
    @ sameerausa
    තැන්කු කිව්වා
    @Mr Lonely
    තැනක්ස්
    @ සුජිත්
    තැන්කු
    @ Unknown_User/හිඟන්නා
    එල මචන්. අනිවා


    @ Madhawa Habarakada
    අහ්. එළ එළ. කොහේ කියන්නද අය්යා. මටත් අමතක වුනාණේ. :D

    @Hasitha ජයසූරිය
    එළ එළ. අහ් උඹ දත් දොස්තර කෙනෙක් කියලා කියන්න ඇපැයැ. එහෙනම් ඊයේම හොද බිස්නස් ටිකක් සැට් කොරලා දෙනවනේ.

    @ Ravi
    එල. තැන්කු

    ReplyDelete
  11. සුභ උපන්දිනයක් වේවා...!!

    ReplyDelete
  12. සුබ උපන් දිනයක් වේවා
    මාත් එන්න තමයි උන්නේ එත් වැඩ නිසා බැරිඋනා

    ReplyDelete
  13. දුක තමා එන්න වුණේ නැහැනේ. ලබන පාර තමා බලන්න වෙන්නේ..............

    ReplyDelete
  14. සුබ උපන්දිනයක් වේවා ...

    එන්න හිතාගෙන හිටියත් .... මට මග ඇරුනා ... තවත් මග නොහැරිය හැකිම කාරනාවක් කරණ කොට ගෙන

    ReplyDelete
  15. ඔය පිංතූර වල ඉන්නෙ කවුද කියල එන්න බැරි උන අයටත් කියන්න කෝ.

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.