Friday, June 11, 2010

Blog එකේ comments වලට Reply කරන්න Button එකක් දා ගමු.

තමන්ගේ බ්ලොග් එකේ comments දාන අයට නැවත comments දාන්න (reply) අවශ්‍ය කරන කොට සමානයෙන් කරන්නේ “@” ලකූණ දාළා comments එක දාන්න අවශ්‍ය පුද්ගලයාගේ නම දාලා පිළිතුර දාන එක. නමුත් wordpress පාවිච්චි කරලා බ්ලොග් ලියන අයගේ බ්ලොග් වල නම් reply කියලා ලිනක් එකක් තියෙනවා. මේ ලිනක් එක භාවිතා කරලා නැවත comments දාන්න (reply) දාන්න පුළුවන්. ගොඩක් wordpress පාවිච්චි කරලා සිංහල බ්ලොග් ලියන අය මේ reply කියන එකට සිංහල තේරුම් තියෙන වචනයක් දානවා. මම අද කියන්න හදන්නේ Blogger පාවිච්චි කරලා බ්ලොග් ලියන අයට මේ (reply) කරන්න Button එකක් දා ගන්න විදිහ. පහල පින්තූරය බැලුවොත් ‍සිද්ධිය පැහැදලි වෙයි.














මුලින්ම Blogger වලට log වෙලා Layout වල Edit HTML වලට යන්න. මුලින්ම මොකක් හරි අවුලක් වු‍නොත් කියලා Download Full Template කියන එක ක්ලික් කරලා දැන් තියෙන Template එක download කරගන්න.

දැන් Expand Widget Templates කියන එක ඉස්සරයින් හරි ලකුණ දා ගන්න .









crtl+f ගහලා find කරලා පහල code එක තියෙන තැන හොයා ගන්න.

<data:commentPostedByMsg/>

ඊට පස්සේ පහල තියෙන code එක copy කරලා අර හොයා ගත්තු code එකට යටින් දා ගන්න. මෙතනදි YOUR-BLOG-ID කියලා තියෙන තැනට තමන්ගේ බ්ලොග් එකේ ID එක හොයාගෙන දාන්න.

<span class='comment-reply'><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID=YOUR-BLOG-ID&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=400,height=450&quot;); return false;'>[Reply to comment]</a></span>

Blog ID එක හොයාගන්නේ මෙහෙමයි. සමානයෙන් Blogger වලට log වෙලා Dashboard එකෙන් අවශ්ය Blog එක තෝරලා අළුත් පෝසට් එකක් ලියන්න ගියහම web browser එකේ address bar එකේ තියෙන address බලන්න එකේ අගටම තියෙන අංක ටික තමා Blog ID එක.


අන්තිමට Save Template ක්ලික් කරලා Save කරගන්න. දැන් බ්ලොග් එකේ පෝස්ට් එකක comments ලග තියෙන . [Reply to comment] ඒක ක්ලික් කරලා comments වලට reply දාන්න පුළුවන්. මේ Reply to comment] කියන එක වෙනුවට “පිළිතුරු දෙන්න “ වගේ සිංහල වචනයක් දාන්න ඕන නම් අර code එකේ [Reply to comment] කියන එක වෙනුවට සිංහල වචනේ දාන්න .මොකක් හරි අවුලක් වුනොත් අර download කරපු Template එක දාගෙන ආයිත් මුල ඉදලා කරලා බලන්න. එහෙනම් ඔයගොල්ලොත් දාලා බලන්න.

20 comments:

  1. එල ලිපියක්.. :)

    ReplyDelete
  2. පෝස්ට් එක වටිනවා !!!

    ReplyDelete
  3. ස්තුතියි මචෝ!!! සෑහෙන්න වටින පෝස්ට් එකක්

    ReplyDelete
  4. මෙක නම් හරි වටිනවා..දාල බලන්නම්....
    ස්තුතියි

    ReplyDelete
  5. හොද පෝස්ට් එකක් මචන්..මාත් මේක දාගන්න ඕන.. :)

    ReplyDelete
  6. නියමයි.....එලමකිරි පෝස්ට් එකක්

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. නියම වැඩක්. ඔන්න මමත් දාගත්තා. ස්තූතියි. :)

    ReplyDelete
  9. තැන්කු ලොක්කා. ඉතාමත් ප්‍රයෝජනයක් ලිපියක්

    ReplyDelete
  10. මගෙ blog ඒකෙ කෝඩි ඒක නැනෙ මොකද කරන්නෙ.......

    ReplyDelete
  11. @බණ්ඩාරස්තුතියි ප්‍රතිචාරයට
    @Hasithස්තුතියි
    @ශාන්
    තැන්කු කිව්වා.
    @අච්‍චා ඔයා Expand Widget Templates කියන එක ඉස්සරහින් හරි ලකුණ දාලද බලන්න. ඒක දැම්මම නම් කෝඩ් එක පේන්න ඕනේ.

    ReplyDelete
  12. අනේ මචං මම හරිය දැම්මා, මම කලින් Template එකට මේක දාගෙන හිටියා.Template එක මම අලුත් කලා.ඊට පස්සෙ තමා මේ අවුල...මේක හදාගන්න විදිහක් දන්නවද? කොතනටද ඒ cord එක එන්න ඔනේ.. උදවුකරහන්. PLZ

    ReplyDelete
  13. සැම් උදවුකරා දැන්හරි....

    ReplyDelete
  14. @අච්‍චා
    සමාවෙන්න Blog එකේ ඔයාගේ ප්‍රශ්නෙට වලට පිළිතුරු දෙන්න බැරි උනාට. දැන් හරිනේ ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  15. සහොදරයට පිං සිද්ද වෙනවා.... මාත් blog එකක් පටන් ගත්ත...
    මේක ගොඩක් වැදගත් ලිපියක්.... ප්‍රශ්නයක් ආවොත් කියන්නම්කො සහෝදරයට

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.