Monday, May 24, 2010

DialUp එකෙන් HSDPA වලට


ටික දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරි උනා. අද තමා මම මුලින්ම HSDPA connection එකක් ගත්තේ. bising මෙච්චර කල් මම විවිද ක්‍රම වලින් නෙට් ආවා. මුලින්ම slt citylink CDMA phone එකට data cable එකක් connect කරලා නෙට් ආවා. (2006 දී විතර ) උපරිම වේගය නම් 115 kbps තමා. තත්පරයකට 10 kb තමා වගේ උපරිම ඩවුන්ලෝඩ් වෙනවා දැකලා තියෙන්නේ.bisingගොඩක් වෙලාවට තත්පරයකට 2-5 kb තමා අතරේ තමා වේගය. ‍page load වෙන්න ගොඩක් වෙලා යනවා.bising ඊට පස්සේ මගේ Nokia 2600c2 phone එක Bluetooth හරහා connect කරලා තමා නෙට් ගියේ. වේගය 115 kbps මයි. නමුත් slt citylink CDMA එකට වඩා ටිකක් විතර ස්පිඩ්. ඊට පස්සේ සිංහල බ්ලොග් ලියන්න පටන් ගත්තාම ‍class එකේ තියෙන ADSL එකේ පිහිටෙන් තමා බ්ලොග් ලිව්වේ.

ඊට පස්සේ මම හිතුවා නෙට් කනෙක්ෂන් එකක් ගන්න නමුත් අපේ පැත්තට ADSL නෑ. තිබුනත් ගන්න නම් slt citylink CDMA එක Line phone එකකට මාරු කරන්න ඕනෙ. ඒක හින්දා මම හිතුවා HSDPA වලට යන්න. මුලින්ම HSDPA Dongle එකක් ගන්න ඕනෙනේ. ISP ලගෙන් ගත්තොත් ඒවායේ Lock දලානේ. ඉතින් මම හිතුවා වෙනම HSDPA Dongle එකක් ගන්න.

මුලින්ම ධනික සොයුරගේ e-bay ගෙන ගිය ලිපිටික බලලා HSDPA Dongle එකත් e-bay වලින් ගන්න බැලුවත් තාම e-bay වලට අළුත් හින්දා මෙහෙන්ම ගන්න බැලුවා. ඒ ගෙන උපදෙස් ගන්න මම ටෙක් කතා ගූගල් සමූහයට තෙඩ් එකක් දැම්මා. ඒකෙන් හොද තොරතුරු ටිකක් ලැබුනා. ඒකට පිළිතුරු දුන් සැමට සහ ටෙක් කතා ගූගල් සමූහය ස්තුතියි.

ඊට පස්සේ අද Unity plaza ගිහින් බැලුවා. ගොඩක් කඩවල මම හොයපු වර්ගය තිබුනේ නෑ. bisingඅන්තිමට Tulip computer කියන කඩේ මම හොයපු එක තිබුනා. bisingHuwai E1553 එක රු 6700/- ට පස්සේ ඒක අරන් ඇවිත් සිම් එකට mobitel daily delight දාලා කනෙක්ට් කරලා බැලුවා.


මුලින්ම කලේ www.speedtest.net එකෙන් Speed Test කරපු එක. සමානයෙන් හොද වේගයක් තිබුනා bisingපහල තියෙන්නේ ඒක.




මුලින් Dialup පාවිච්චි කරපු මට නිකන් කරත්තයකින් කාර් එකකට නැග්ගා වගේ garupaleපස්සේ කොහොම වෙයිද දන්නේ නෑ. garupaleදැනට mobitel daily delight වල ඉදලා සෑහීමකට පත් වුනොත් පස්සේ ඊලඟ මාසේ මොකක් හරි Data plan එකක් ගන්න ඕනේ. එහෙනම් අද ඉදලා කස්සාත් HSDPA වලට ආවා. ලියාගෙන ලියාගෙන අවා බයිලයක් වගේද මන්දා. එහෙනම් ගිහින්hah එන්නම් ඔබට ජය !

22 comments:

  1. ඕක තමා ඒඩීඑස්එල් වල සාමාන්‍ය වේගය. ඔයිට වඩා ගන්න අමාරුයි adsl වලත්. ඒක නිසා මම නම් හිතන්නෙ ඕක හොදයි.

    ReplyDelete
  2. http://www.speedtest.net/result/824756716.png

    Mobitel HSDPA Speed

    ReplyDelete
  3. හොඳයි හොඳයි අපේ කොල්ලෙක්ට හරි ගියාට අපිට සතුටුයි. ඒත් "වේගය පිනවයි මරුවා කැඳවයි" මේක නිකම් කිව්වේ කාර් එකකට නැග්ග වගේ කියලා තිබ්බ නිසා :)

    ReplyDelete
  4. මමත පාවිචිචි කරන්නෙ මොබිටෙල්..
    කව් රු මොනා කිව්වත් මොබීටෙල් තමයි හොදම ඩේටා කනෙක්ශන් එක...
    සුබ පැතුම්...

    ReplyDelete
  5. @Anonymous
    ඒක ඇත්ත මාත් බැලුවා ADSL එකක
    . ස්තුතියි ප්‍රතිචාරයට.
    @Anonymous ස්තුතියි ප්‍රතිචාරයට
    @Hasitha ඒක නම් ඇත්ත "වේගය පිනවයි මරුවා කැඳවයි" ස්තුතියි
    @Buddy --බඩී
    මාත් හිතනවා ස්තුතියි.

    ReplyDelete
  6. එළ. ඩයලොග්වල නම් ඔයිට වඩා කීප ගුණයක් ස්පීඩ් එක තියෙනවා, හැබැයි ගණං තමයි ඉතින් අවුල.

    ReplyDelete
  7. වෙන ලියන්න මොකුත් නැද්ද

    ReplyDelete
  8. @Thameeraමාත් අහලා තියෙනවා ඩයලොග් නම් ස්පිඩ් කියලා. prepaid plan එකක් දාලා බලන්න ඕනේ. නමුත් ගාන නම් වැඩියි තමයි.

    @උමා ඇයි එහෙම කියන්නේ ලියන්න දෙයක් නැතුවට ලිව්ව නෙවෙයි. මේ ලිපිය
    බලන්නකෝ.

    ReplyDelete
  9. මෙහේ නම් මේ දවස්වල Mobitel ගැන කතා කරල වැඩක් නැහැ.

    ReplyDelete
  10. අයියෙ Airtel පාවිච්චි කරන්න රු.99ට මෙගාබයිට් 400ක් ම හම්බුවෙනවා.ස්පීඩ් එකත් මරු. මොබිටෙල් වීක්ලි ඩිලයිට් එක පාවිච්චි කරන් ඩේට වගේ දෙගුනයක්නෙ

    මන් කියන නිසා නෙමේ...ඔයා රු. 20කට විතර එයාටෙල් සිම් එකක් අරන් පාවිච්චි කරලම බලන්නකො

    මට නම් කවදාවත් මොබිටෙල් එකේ HSDPA සිහ්නල් නැ. තියෙන්නෙ WCDMA (3G) විතරයි...ඒත් එයාටෙල් එකේ HSDPA ත් තියෙනවා

    ReplyDelete
  11. @සඳුන් ආ එහෙමද මට නම් තාම අවුලක් නෑ. ඉස්සරහට කොහෙමෙ වෙයිද දන්නේ නෑ :D

    @හසිත ජයසූරිය මාත් ඔය Airtel youth plan එක ගෙන අහලා තියෙනවා. මල්ලි කියන හින්දම දාලා බලන්න ඕනේ.:) ස්තුතියි තොරතුරුට.
    මට නම් හැබැයි HSDPA සිග්නල් තියෙනවා. සමහර වෙලාවට නම් 3G සිග්නල් තමා තියෙන්නේ.

    ReplyDelete
  12. එල එල..ඒත් ලයින් එක තිබ්බා නම් මම හිතන විදිහට නම් හොදම SLT ADSL තමා.. :) ඇතිවෙන්න ස්පීඩ් එකකුත් තියෙනවා වගේම ගානත් පහසුයිනේ... :)

    ReplyDelete
  13. @♠GaŋGster♠™ඔව් ඒක ඇත්ත ඒත මොනවා කරන්නද ලයින් එක නැනේ. :( ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  14. මමනම් සන්ටෙල් ඩයල් අප් එකක් පාවිච්චි කරන්නේ.. ADSL ගන්න ලූප් නෑ. 3ජී සිග්නල් නෑ.. ඉතින් මක් කරන්නද ?? මේක පාවිච්චි කරනවා....

    ReplyDelete
  15. @ගීත්
    SLT DIAL UP වලට වඩා සන්ටෙල් DIAL UP හොදයි කියලා අහලා තියෙනවා. නමුත් උපරිම වේගය 115 KBPS නේද. නමුත් ඉතින් මොනවා කරන්නද.

    ReplyDelete
  16. @Anonymous

    හැබැයි HSDPA වල මීට වඩා හොඳ වේගයක් තියෙනව...

    ReplyDelete
  17. @කොඩී
    ඔව් නමුත් ADSL වල‍ වේගය HSDPA වලට සාපෙක්ෂව ස්ථාවරයි.

    ReplyDelete
  18. ටොරන්ට් වලටනම් HSDPA හොඳයි :) ඒත් Direct link (RS,HF) වලට සොරිම තමයි :(

    ReplyDelete
  19. @පොඩි මෑන් මම නම් හිතන්නේ එකේ අනික් පැත්ත. ටොරන්ට් බාන්න හොදම ADSL connection එකක් තමයි.

    ReplyDelete
  20. ඒක තමයි මාත් කල්පනා කලේ අපිත් ටොරන්ට් බාන්නෙ adsl වලින් තමයි... රාජ්‍ය සේවය පිණිසයි නෙ.

    ReplyDelete
  21. බිල යනවද? නැත්නම් මාත් එකක් ගන්නවා

    ReplyDelete
  22. @Anonymousඑහෙනම් ප්‍රශ්නයක් නෑ මමත් පාවිච් කරන්නේ adsl usb modem එකක් බාන්න එහෙම ceat engine භාවිතා කලොත් down 5ookb+ ස්පීඩ් තියෙනවා

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.