හම් හැමදාම ටෙක්නිකල් කතා ලියලා අද නම් පොඩි කතාවක් කියන්න තමයි ලෑස්තිය.
මේ සිදුවීම අමූලික ඇත්ත. කතාව මට කියුවෙ මගේ අතීසාර මිත්රයෙක්. (දන්න අය දන්නවා
) එහෙනම් කතාව මිත්රයාගේ වචන වලින්ම කියන්නම්කෝ...


නම් ගම් ස්ථාන සියල්ලම මන: කල්පිතයි කියල කවුරුත් හිතාගන්න.
ජයසේන, ජයසේන කියුවාම කාටත් මතක් වෙන්නෙ මහසෝනාව නෙ ඒත් මේ ජයසේන මහසෝනගෙන් කාලක් විතර ඇති, පොඩි මනුස්සයා ,වැඩටත් දස්සයා ඒ වගෙම අහිංසකව ජීවත් වෙන කෙනෙක්.පොඩි අවුලකට කියල තිබුනෙ කිචිය තමයි ඉතින්. පොඩි කියුවට පොඩිම නැහැ පොඩ්ඩක් හරි ඇගිල්ලෙන් ඇන්නොත් තැන නොතැන මතක නැ දෙමාපියන්ට පවා පින් අනුමෝදන් කරනවා...


ඔන්න ඉතින් මගේ යාළුවගෙ නෑදෑ ගෙදරක පිරිතක් සංවිධානය කරලා තිබුනා. පිරිත් මණ්ඩපේ එහෙම ලස්සනට හදලා ඔන්න වැඩේ පටන්ගන්න සූදානම. ඒ අතර ගෙදර කට්ටියට ඕනි උනා වටේටම සද්දෙ ඇහෙන්න පිරිත දාන්න. ඉතින් උදවුවට ඇවිත් හිටිය කට්ටිය ඔන්න යකඩ කටක් එහෙම ගහක ගැට ගහලා අපේ කතා නායකයට පැවරුවා මයික් ටෙස්ට් කරන්න..
ඔන්න ටෙස්ටින් වන්... වන්... සද්දෙ ටිකක් මදි වගේ (සද්දෙ වැඩි කලා). ආයිත් ටෙස්ටින් ටූ.. ටෙස්ටින් ටූ උගෙ අම්මට..... *+^%^%%^6 *පුතා.....(බීප් බීප්) කියල හොද ලස්සන වචන වැලක් වටේටම ඇහුනා. එලියෙ හිටපු හැමෝම ඇතුලට දුවගෙන ආවා ඒ මොන පිරිතද කියලා බලන්න. ගේ ඇතුලෙ හිටපු කට්ටිය නම් වැඩේ දැක්කා. මැන්ස් ගෙ කිචි පොට් එකකට පොඩි අතකින් පොඩි ටච් එකක් එනවා කවුරුත් දැකල තිබුනා.. වැඩේ කරපු එකා (මගේ අතීසාර මිත්ර යා ) හුලං පුරවලා අතෑරිය බැලුමක් වගේ කුස්සිය පැත්තට විද්දා ඇයි මොන මැර ප්රහාරයක් එල්ලවෙයිද දන්නෙ නෑනෙ. හැබැයි හැමෝම බඩ අල්ලගෙන හිටපු නිසා කාටවත් මැර ප්රහාරයකට යන්න හැකියාවක් තිබුනෙ නැහැ.

ඔන්න ඉතින් ටික වෙලාවකින් කට්ටිම එකතු වෙලා අපේ ජයසේනට ලෙසන් එකක් දෙනවා කවුරුහරි ඇගිල්ලෙන් ඇන්නොත් මීට පස්සෙ බුදු සරණයි කියල කියන්න කියලා. මෑන්ස් ඉතා ඉහලින් ඒක පිලිගත්ත විතරක් නෙවෙයි ඒ වෙලාවෙම වැඩේ ප්රැක්ටිස් කරන්නත් ගත්තා . (හැබැයි තාමත් ඇගිල්ලෙන් ඇන්නොත් අහගන්න වෙන්නෙ බුදු වදන් නම් නෙමෙයි ඇගිල්ලෙන් ඇනපු කෙනාගේ මව් පාර්ශවයට බීප් බීප් .... බුදු සරණයි කියලා. 
